Land Rover නවතම ප්‍රදර්ශනාගාරයක් විවෘතයි

Land Rover මෝටර් රථ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ආයතනය වන SML Frontier Automotive ආයතනය විසින්, කොළඹ 07 දී අභිමානවත් නව ප්‍රදර්ශන...

Land Rover මෝටර් රථ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ආයතනය වන SML Frontier Automotive ආයතනය විසින්, කොළඹ 07 දී අභිමානවත් නව ප්‍රදර්ශනාගාරයක් පසුගියදා විවෘත කරන ලදී. මෙම අති සුඛෝපභෝගී නව ප්‍රදර්ශනාගාරය ෆ්ලවර් රෝඩ් හි පිහිටා ඇති අතර Land Rover මෝටර් රථ සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ වර්ධනය වන ඉල්ලුමට අවශ්‍ය පහසුකම් මෙමගින් සපයීමට ඔවුන් බලාපොරොත්තු වෙයි. නවීන තාක්ෂණයෙන් සපිරි නව ප්‍රදර්ශනාගාරය මෙම කලාපයේ පිහිටා ඇති විශාලතම අලෙවි සහ අලෙවියෙන් පසු සේවා සපයන ස්ථානයක් වන අතර එමගින් සුඛෝපභෝගී රථවාහන පාරිභෝගිකයින්ට උපරිම සේවාවක් සැලසීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි. 

මෙරට පාරිභෝගිකයින්ට අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන් හඳුන්වාදීම සඳහා මෙම ප්‍රදර්ශනාගාරයේ බිම්මහලේ මෝටර් රථ 8ක් ප‍්‍රදර්ශනය කළ හැකිවූ සුවිසල් ප්‍රදර්ශන අංගනයක්, පාරිභෝගිකයින්ට සුවපහසුව අසුන්ගෙන සිටිය හැකි අංශයක් සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මෝටර් රථ තමන්ට රුචි අන්දමින් හැඩගැන්විය හැකි වන පරිදි වර්ණ රටා තේමා 60කටඅධික සංඛ්‍යාවකින් යුත් සැකසුම්කිරීමේ අංශයක්ද ඇතුළත්ව සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඇත. මීට අමතරව පාරිභෝගිකයින්ට ආහාරපාන වර්ගයන් ලබාගත හැකිවූ ආගන්තුක සත්කාර සඳහා වෙන්වූ බැරිස්ටා සේවාස්ථානයකින්ද සමන්විතය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 5951809768492458093

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item