ගොඩනැගිල්ල දේශීයයි පරික්‍ෂණය විදේශීයයයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව තිබූ දේශීය හා ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණ යෝජනාව ගැන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අදහස් පල කර ඇත්තේ මෙසේය.

ගොඩනැගිල්ල දේශීයයි පරික්‍ෂණය විදේශීයයයි

එක්සත් ජාතීන්ගේ ලංකාවට එරෙහි යුධ අපරාධ වාර්තවට අනුව පිහිටුවීමට නියමිත යුධ අපරාධ අධිකරණය දේශීය එකක් වේනම් එය එසේ වන්නේ අදාළ අධිකරණය මේ දිවයිනෙහි ඇති කිසියම් ගොඩනැගිල්ලක පවත්වන එකක් පමණක් වන නිසා ය. අන් කිසිදු අර්ථයකින් එය දේශීය වීමට ඉඩක් නැත. අදාළ වි‍ශේෂ අධිකරණය පූර්ණ වශයෙන් විදෙස් විනිසුරුවන්, පරීක්‍ෂකයින් හා සෙසු විශේෂඥයින්ගෙන් සැදිනකි. විටෙක කාර්යාල කාර්ය සහාය වැනි දෙය සඳහා පමණක් අපගේ විනිසුරුවරුන් පාවිච්චි ද වනු ඇත.

මෙය නම් මේ රටට මහත් ම නින්දාවකි. ලංකාවට මෙවන් අධිකරණයක් මෙහෙය වීම සඳහා අවශ්‍ය ශක්‍යතාව නැතැයි සිතීම මුළු නීති ක්‍ෂේත්‍රයට ම හා රටට ම නීලකාස විළි ලැජ්ජාවකි. මෙරට නීති ක්‍ෂේත්‍රය මීට කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි අපි බලා සිටිමු. ඒ මතු නොව, මෙය වත්මන් ආණඩුව පිළිබඳ ජාත්‍යන්තරයේ තිබෙන මතය ද වන්නේ ය. මහින්ද පාලනය එලවා දැමීමෙන් පසු ඊනියා ජාත්‍යන්තරය කීවේ ලංකාව දැන් ඉතා සුපේශල ශික්‍ෂාකාමී රටක් බවට පත්ව තිබෙන බව ය. දිනෙන් දින ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය අහස උසට වැඩෙන බව ය. එවන් රටකටත් මෙවැනි පරීක්‍ෂණයක් කළ නොහැකි බව පෙරලා එම ජාත්‍යන්තරය ම විස්වාස කරන්නේ නම් මූත්‍රා කිරීමටත් ජාත්‍යන්තර වරම් පතන වත්මන් ‘යහපාලන’ රජය සිය ක්‍රියා කලාපය පිළිබඳ තප්පුලමින් ලැජ්ජා විය යුතු ය. යුධ අපරාධ පරීක්‍ෂණයකින් රනිල්-මෛත්‍රී දෙදෙන විසින් ලංකාව ගලවා ගත්තේ යැයි කියමින් පහුගිය මැතිවරණ සමයේ මහ හඬින් කීවේ මෙය ද?

මේ අතර මීට දශකයකටත් පෙර ඉරාකයේ සිදු වූ යුධ අපරාධ පරික්‍ෂා කිරීමට බ්‍රිතාන්‍ය විසින් පත්කල දේශීය චිල්කොට් කොමිසම හිතාමතාම සිය වාර්තාව එළිකොට නැති මොහොතක, ඊයේ රාජ්‍ය යුධ සැමරුම් උත්සවයකට සහභාගී වූ එරට විපක්‍ෂ නායකයා එහි දී එරට ජාතික ගීය නොගැයී යැයි දැන් හතර වටින් ඔහුට චෝදනා හා විවේචන එල්ල වෙමින් තිබේ. එර‍ට ජාතික ගීය යනු රැජින වෙනුවෙන් කරන ආශීර්වාදයකි. එම පුවත දුටු අපට කල්පනා වූයේ එරට යුධ අපරාධ කොමිසම ජාත්‍යන්තර එකක් කිරීමට හා දැන් ජාතික ගීය නොගැයීම නිසා දැඩි දෝෂදර්ශනයට ලක්ව විටින බ්‍රිතාන්‍ය විපක්‍ෂ නායකයා වෙනුවෙන් උඩු බිරීමට බුකියේ හා පිටත සිටින මෝඩ ටොයියන් ඩෙලිගේෂණයක් බ්‍රිතාන්‍යට යැවිය යුතු බව ය.

– මහින්ද පතිරණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4824086723007723973

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item