මරණ බිය යළිත් උදා වෙලා - වැඩිහිටි සහ ළමා දිනය වෙනුවෙන් මහින්ද ගෙන් නිවේදනයක්

https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksas-statement-on-world-childrens-and-elders-day.html
"අප මේ රටේ දු පුතුන්ගේ සිත්වලින් පළවා හැරිය මරණ බිය යළිත් දරු පරපුර වෙත වෙනත් ආකාරයකට උදාවී තිබීම ගැන මා මහත් ලෙස කම්පාවට පත්වී සිටිමි" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙටට (01දාට) යෙදෙන ලෝක මෙ හා වැඩිහිට දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
"සේයා සදෙව්මි දුවගේ හා සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන ඇතුළු පසුගිය දිනවල සිදුවූ දු දරු ඝාතන මා තුල ඇති කරන්නේ මහත් සංවේගයකි. මේ රටේ ජීවත් වන සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කොටසක් දෙමවුපියන් පමණක් නොව පාලකයන්ද භාරගත යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ප‍්‍රමුඛතාවය දෙන ලෙස බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු" යනුවෙන්ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Related