බැංකුව කොල්ල කෑවේ ඉගෙනගන්න සල්ලි නැති හින්ද - වෛද්‍ය සිසුවා හේතුව හෙළි කරයි [VIDEO]
තමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් තමන් බැංකු කොල්ලය සිදු කළ බව පානදුර ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ ...

https://www.sathhanda.com/2015/09/panadura-bank-robery.html
තමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් තමන් බැංකු කොල්ලය සිදු කළ බව පානදුර ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 05 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා අනාවරණ කර තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම බැංකු කොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව ඉකුත් 28 වැනි දා අත්අඩංගුවට ගත් මෙම තරුණයා පොලීසිය සිදු කළ වැඩිපුර ප‍්‍රශ්න කිරීම්වල දී පවසා ඇත.
ඉකුත් 28 වැනි දා පස්වරුවේ පානදුර ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත පැමිණි මෙම තරුණයා එහි මුදල් කවුන්ටරය වෙත ගොස් සේවයේ නිරත ව සිටි නිලධාරිනියට අනතුරු අඟවා තිබුණේ ලක්ෂ 05 ක මුදලක් තමන්ට ලබානොදුනහොත් වෙඩි තබන බවටයි.
සැකකාර තරුණයා කොල්ලුපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරා ඇති බවට පොලීසියට ප‍්‍රකාශ කර ඇත. ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි බව ඔහු අනාවරණ කර තිබේ.
Related