විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තිබිය යුතුද නැද්ද යන්න අසුන්ගෙන සිටින ඔබගේ වගකීමක් - ජනපති පාර්ලිමේන්තුවේදී කියයි
දූෂණය පිටුදැකීම හා රාජ්‍ය දේපළ සුරැකීම සිය රජයේ ප්‍රතිපත්තිය බවත්, රජයේ දේපළ අවභාවිතා කරන අයට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කිරීමට පසුබට නො...
https://www.sathhanda.com/2015/09/maithripala-sirisena-parliament-speech.html
දූෂණය පිටුදැකීම හා රාජ්‍ය දේපළ සුරැකීම සිය රජයේ ප්‍රතිපත්තිය බවත්, රජයේ දේපළ අවභාවිතා කරන අයට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කිරීමට පසුබට නොවන බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ඒ සඳහා දැනට පවත්නා ආයතන ශක්තිමත් කරන බවද අභිනව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් හෙතෙම කියා සිටියේය.
අප රටේ ඉතිහාසයේ පැවැති සාමකාමි මැතිවරණයෙන් තේරී පත්වූ සියලුදෙනාට සිය ප්‍රසාදය පළ කරන බවද පැවසූ ජනාධිපතිවරයා මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිළිව දක්වා ඇති පරිදි තමන් මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ රට ගොඩනැඟීම වෙනුවෙන් යැයිද පැවසීය.
එසේ රට ගොඩනැඟීමට දෙවසරකට හරි සම්මුති සන්ධාන රජයක් ගොඩනැඟීම වැදගත් බවත්, ඒ අනූව මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක් මූලික පදනම වශයෙන් තබා ගනිමින් සෙසු දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනද රට ගොඩනැඟීමට පදනම වශයෙන් යොදාගන්නා බවද හෙතෙම කීවේය.
එසේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ගැන මෙතෙක් කතා බහ සිදුව ඇති බවත්, විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තිබිය යුතුද නැද්ද යන්න පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින ඔබගේ වගකීමක් බවත්, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


Related