මව්බිම සුරුකීමේ ජාතික ප‍්‍රතිඥාව කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී අත්සන් කරයි
රටේ භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළන ක‍්‍රියාවන් ඇතුළු රටට වින කරන සියලු ක්‍රියාවන් සඳහා එරෙහි වීම සහ එකමුතුව මුහුණදීම සඳහා ජා...

https://www.sathhanda.com/2015/09/oath-of-Sri-Lankas-nationalist-movement.html
රටේ භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළන ක‍්‍රියාවන් ඇතුළු රටට වින කරන සියලු ක්‍රියාවන් සඳහා එරෙහි වීම සහ එකමුතුව මුහුණදීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් මහා සංඝරත්නය හමුවේ පස් වැදෑරුම් ජාතික ප‍්‍රතිඥාවක් ලබා දුනි.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශකළේ මෙම පස්වැදෑරුම් ජාතික ප‍්‍රතිඥාව ජාතික ප‍්‍රඥප්තියක් ලෙස රටේ ජාතිකවාදී දේශපාලන පක්‍ෂවලට ඉදිරිපත් කරන බවය. ඒ දේශපාලන පක්‍ෂ එම ප‍්‍රඥප්තිය තුලින් තම ඉදිරි දේශපාලන ගමන සදහා අවශ්‍ය න්‍යාය පත‍්‍රය සකස්කරගත යුතු බවද ඒ මහතා පැවසීය. එම අවස්ථාවට දෙස් විදෙස් ජාතිික සංවිධිාන 60කට අධික ප‍්‍රමාණයක නියෝජිතයන් සහභාගී විය. එම ප‍්‍රතිඥාව සමුළුවට කියවීමෙන් පසුව ඔවුන් සියලුදෙනා ඊ ට අත්සන් තැබීය. එම උත් සවය එදා කොටිත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක්වූ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ පවෙැත්වීමද සුවිශේෂී කරුණකි. එම සභාවේ පිළිගැනීමේ දෙසුම විහාරාධිපති මහාචාර්ය ඉත්තෑදෙමළියේ ඉන්ද‍්‍රසාර නාහිමියන් නිසින් පැවැත්වූ අතර ආරම්භක දෙසුම මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වන ලදි.
පළමු ප‍්‍රතිඥාව
අප මාතෘ භූමිය බෙදා වෙන්කොට සදාකාලිකවම යුද වදින අවාසනාවන්තයන්ගේ දේශයක් බවට පත්කිරීම සඳහා දෙස් විදෙස් කුලී හමුදා විසින් දියත් කරන ලද ම්ලේච්ඡු බෙදුම්වාදී යුද්ධය පරාජය කොට අප ජාතියට නිදහස දිනාදුන් රණවිරුවන් ඊනියා දේශීය විමර්ශනයක නාමයෙන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ ඔවුනට ද`ඩුවම් කිරීමට ගන්නා උත්සාහය රණවිරුවන් පමණක් නොව සමස්ත ජාතියම පාවාදීමක් වන බැවින් ඊට එරෙහිව මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන දේශමාමක පාර්ශ්ව දැනුම්වත් කිරීමටත් එම උත්සාහය පරාජය කිරීම සඳහා ගතහැකි සියලූ සාමකාමී සහ අවිහිංසාවාදී මහජන ක‍්‍රියාකාරකම් දියත් කිරීමටත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
දෙවන ප‍්‍රතිඥාව
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින බෙදුම්වාදී ෆෙඩරල් බලතල වන පොලිස්, ඉඩම් හා විදේශ අරමුදල් ඍජුව ලබාගැනීමේ බලතල උතුරු පළාත් සභාවට ලබාදෙන බවට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් සිදුකොට ඇති ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස සහ එම බලතල කුමන තත්ත්වයක් යටතේ හෝ ලබානොදෙන ලෙස රජයට බලකිරීමටත් ඊට එරෙහිව මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන දේශමාමක පාර්ශ්ව දැනුම්වත් කොට මහජන විරෝධය පළකිරීමට ක‍්‍රියාකරන බවටත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
තුන්වන ප‍්‍රතිඥාව
බෙදුම්වාදී ආයුධ සන්නද්ධ සටන් පැවති සමයේදී සටන් විරාම ගිවිසුමක් නාමයෙන් නෝර්වේ රාජ්‍යය හරහා ජාත්‍යන්තර මැදිහත්වීමකට ම`ග සැලසූ ආකාරයට රාජ්‍යතාන්ත‍්‍රික සටන් විරාමයක් නාමයෙන් දකුණු ආප‍්‍රිකාව මැදිහත් කර ගැනීමට රජය විසින් ගන්නා උත්සාහය සහ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේ නාමයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ව්‍යාපෘති හරහා ශ‍්‍රී ලංකා රජයේ පාලනයෙන් තොරව ස්වාධීනව ජාත්‍යන්තර ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ඉඩදීමේ ප‍්‍රතිපත්තිය හෙළා දකින අතර එම උත්සාහයන් පරාජය කිරීම සඳහා රජයට එරෙහිව බහුවිධ බලපෑම් එල්ල කරන බවටත් සහ මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂයේ දේශමාම බලවේග දැනුම්වත්කර සක‍්‍රිය කිරීමට ක‍්‍රියාකරන බවටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
හතරවන ප‍්‍රතිඥාව
ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් සහ භූ දේශපාලන වශයෙන් යටත් කර ගැනීම ස`දහා වන ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතාවය මත පදනම්ව ශ‍්‍රී ලංකාව මත පැටවීමට උත්සාහ කරන දෙරට යාකරන ස්ථිර පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ ආර්ථික මරඋගුලක් වන ඉන්දු – ලංකා සීපා ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙස රජයට බලකරන අතර ඒ සඳහා මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂයේ දේශමාමක බලවේග දැනුම්වත් කොට මෙහෙයවීම සඳහා කළ හැකි සියලූ කැපකිරීම් සිදු කරන බවට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
පස්වන ප‍්‍රතිඥාව
2002දී ආරම්භ කළ ද මහජනයා විසින් එදා පරාජයට පත් කෙරෙනු ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’’ වැඩසටහනේ දිගුවක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට නියමිත නිදහස් සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය සේවය හැකිලීම,විශ‍්‍රාම වැටුප් සීමා කිරීම, ජල සම්පත ඇතුළුව මහජන සේවය සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන විකුණා දැමීම ආදී ක‍්‍රියාමාර්ග මගින් රාජ්‍යය දුර්වල කිරීම සහ රාජ්‍ය සේවය සීමා කිරීම ගනු ලබන උත්සාහයන් පරාජය කිරීමට නොපසුබටව ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් ඒ සඳහා වඩාත් පුළුල් ජනබලවේගයක් ගොඩනැ`ගීමට කැපවීමෙන් කටයුතු කරන බවටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.








Related