අතුරුගියේ ළමයා දරුණු ලෙස ඝාතනය කලේ දරුවාගේ පියා සමඟ තිබූ අමනාපය නිසා - ඝාතකයා වමාරයි
අතුරුගිරිය පනාගොඩ කපුරුගොඩ පාර ප‍්‍රදේශයේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ප‍්‍රධාන සැ...
https://www.sathhanda.com/2015/09/panagoda-kavindu-devindas-murderer-arrested.html
අතුරුගිරිය පනාගොඩ කපුරුගොඩ පාර ප‍්‍රදේශයේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ප‍්‍රධාන සැකකරු අද (27) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ඇල්ලබේ ලියනගේ නොහොත් රේබ‍්‍රන් පෙරේරා නමැති 50 හැවිරිදි මෙම සැකකරු අද පෙරවරුවේ හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බවයි.
බියගම බණ්ඩාරවත්ත ප‍්‍රදේශයේදී ඊයේ (26) පස්වරුවේදී සැකකරු අත්අඩංගුවට ගැනුනා. ඝාතනයට ලක්වූයේ කවිඳු දේවින්ද කපුරුගේ නැමැති දස හැවිරිදි පිරිමි දරුවෙක්. ඔහු පනාගොඩ ශී‍්‍ර පරාක‍්‍රම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරු මේ වන විට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. දරුවාගේ පියා සමග කලක සිට පැවති පෞද්ගලික ආරවුලකට පළිගැනීම සඳහා තමන් මෙම ඝාතනය සිදු කළ බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ. සැකකරු සහ දරුවාගේ පියා කපුරුගොඩ ප‍්‍රදේශයේ ගල්වලක සේවය කර තිබෙනවා. ඝාතනයත් සමග සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් සිටි අතර අතුරුගිරිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.


Related