තර්ජන මගින් අප නිහඬ කරන්න බෑ - උදය ගම්මන්පිල
https://www.sathhanda.com/2015/09/udaya-prabhath-gammanpila_27.html
ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම විසින් මෙරට පිළිබඳව සකස් කරන ලද වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ විග්‍රහය කුමක්‌ද?
පිළිතුර - මේ දක්‌වා ශ්‍රී ලංකාවට එල්ල වී ඇති දරුණුම ප්‍රහාරය විධියටයි ඒ වාර්තාව දකින්නේ. එයින් අපට සිදුවූ හානිය ඇමරිකාව, ජපානයේ හිරෝෂීමාව සහ නාගසාකිවලට හෙළන ලද බෝම්බවලින් සිදුවූ හානියට වඩා විශාලයි.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා මාධ්‍ය හමුවේදී පිළිගෙන තිබෙනවා ඔවුන් මේ දක්‌වා කිසිදු රටක් සම්බන්ධයෙන් අනුගමනය නොකළ සුවිශේෂී ප්‍රවේශයක් ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ බව. අපේ රට විශේෂයෙන් මානව හිමිකම් කඩකළ රටක්‌ද? මේ අමරිකානු හමුදා ගොඩබැස්‌ස ඉරාකය හෝ ඇµaගනිස්‌තානය නොවෙයි. ඒ වගේම මේ හුටු-ටුට්‌සි ගෝත්‍රිකයන් අතර ගැටුම් ඇතිවුණ රුවන්ඩාවක් නෙවෙයි. ඒ වගේම සූඩානය, පොල්පොට්‌ගේ කාම්බෝජයත් නොවෙයි. නමුත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා අපේ රට සිය වාර්තාවෙන් ඒ තැනට තල්ලු කරල තිබෙනවා.
ඒ වාර්තාවෙන් අපේ විනිසුරුවන් වෙනුවට විදේශීය විනිසුරුවනුත්, අපේ පොලිසිය වෙනුවට විදේශීය විමර්ශන නිලධාරීනුත්, අපේ නීතිපති වෙනුවට විදේශීය නඩු මෙහෙය වන්නන් භාවිතා කරමින් මෙරට අධිකරණයක් ස්‌ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා. සුද්දන් ඇවිත් නඩු අහන්න මේක සුද්දන්ගේ යටත්විජිතයක් නෙවෙයි.
ප්‍රශ්නය - ඔබ සඳහන් කර තිබුණ රණවිරුවන් ආරක්‌ෂා කිරීම සඳහා වගකීමෙන් ආරක්‌ෂා කිරීමේ පනතක් ගෙන ආ යුතු බව. ඒ වගේම අගමැතිතුමා සඳහන් කරල තිබෙනවා එබඳු පනතක් ගෙන එන එක පැනල දීමක් බව. ඔබගේ යෝජනාව පිළිබඳව සහ අගමැතිතුමා එය ප්‍රතික්‌ෂේප කිරීම පිළිබඳව ඔබගේ ආකල්පය කුමක්‌ද?
පිළිතුර - අගමැතිතුමන්ලා කරන්න යන දේ මට ඉව වැටී තිබෙන බව එතුමන්ලාට තේරුම් ගිහින් තිබෙනවා. එමනිසා මා පිළිබඳව දැඩි වෛරයකින් පසුවෙමින් මා ඉලක්‌ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම ඔවුන්ගේ දින චරියාවේ කොටසක් බවට පත්වෙලා. නමුත් තර්ජන ගර්ජනවලින් අපව නිහඬ කරන්න බෑ.
වගකීමෙන් නිදහස් කිරීම යන සංකල්පය මුලින්ම හඳුන්වා දුන්නේ එංගලන්තය විසින් 1622 දී. ලංකාවෙන් මෙබඳු පනත් 3 ක් සම්මත කර තිබෙනවා. ඒ 1915 දී ,1982 දී හා 1988 දී. අද වගකීමෙන් නිදහස් කිරීමේ පනතකට එරෙහි වන අගමැතිවරයා 1982 දී 1988 දී ඉදිරිපත් වූ පනත් සම්මත කිරීමට සහයෝගය ලබාදී තිබෙනවා.
ඇයි අප එබඳු පනතක් ගෙන ආ යුත්තේ. 2012 දී ඇමරිකාව විසින් මානව හිමිකම් මණ්‌ඩලයට යෝජනාවක් ගෙන ආ විට මා අනාවැකියක් පළ කළා. ඔවුන්ගේ වාර්තාවේ යුද අපරාධවලට අමතරව බලය බෙදීම පිළිබඳව එහි සඳහන් වන බවට. එය සැබෑ වූවා. මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරයට කරුණු කීමට අපට බැඳියාවක් තිබෙනවා. මොකද අපි මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කර ඇති නිසා. නමුත් බලය බෙදීම පිළිබඳව අපට කිසිදු ජාත්‍යන්තර බැඳියාවක් නෑ. මොකද බලය බෙදීම පිළිබඳව ලෝකයේ කිසිදු ජාත්‍යන්තර සම්මුතියක් නොමැති නිසා. අද අපට බලය බෙදන්න කියන නෝර්වේ, ජපානය, ප්‍රංශය වැනි රටවල්වල කිසිදු බලය බෙදීමක් සිදුකර නෑ. එමනිසා බලය බෙදීම කියන්නේ රටක අභ්‍යන්තර කාරණයක් වනවා.
ඇයි එහෙම නම් ඇමරිකාව මානව හිමිකම් සහ බලය බෙදීම යන කාරණා දෙක එකට ගැට ගහන්න හදන්නේ. ඇත්තටම ඔවුන්ගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ රණවිරුවන්ට දඬුවම් කිරීමට වඩා ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීම සහ දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් කිරීම.
මොවුන් පළමුව අපගේ කීර්තිමත්ම රණවිරුවන්ට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර එය අතරමැදදී දෙවනුව යෝජනාවක් ගෙන ඒමට ඉඩ තිබෙනවා. ෙµඩරල් යෝජනාව පිළිගන්නවා නම් යුද අපරාධ චෝදනාව අත්හැර දැමීමට සූදානම් බව පවසා එබඳු අවස්‌ථාවකදී පෙඩරල් ලබාදීම වෙනුවෙන් ඉදිරියට එන්නේ කවුද? එබඳු අවස්‌ථාවකදී යුද්ධයේ දී අතපය අහිමි වූ රණවිරුවන්, ඔවුන්ගේ අඹුදරුවන් පෙඩරල් පිළිගෙන ඔවුන්ගේ ජීවිතය රැක දෙන්න කියා මාධ්‍ය ඉදිරියට ඇවිත් කියාවි. එය ඉතා හැඟීම්බර අවස්‌ථාවක් වේවි.
වෙනදා ජාතිකවාදීන් ෙද්‍රdaහීන් කියල ඇඟිල්ල දිගු කළේ පෙඩරල්වාදය ප්‍රචාරය කරන අයට. මෙවර එය කරන්නේ රණවිරුවන් හරහා නම් අපට ෙද්‍රdaහීන් කියල රණවිරුවට ඇඟිල්ල දිගු කිරීමට බැරි වෙනව. මෙතෙක්‌කල් රණවිරුවා පාවිච්චි කළේ පෙඩරල් යෝජනාව පරාජය කිරීමට. අපි කිව්වා රණවිරුවන් දිනා දුන් භූමිය පාවාදී ෙද්‍රdaහියන් වන්න එපා කියල. නමුත් දැන් සූදානම් වන්නේ රණවිරුවා භාවිතා කරල පෙඩරල් යෝජනාව ස්‌ථාපිත කර ගන්න. මේක ඉතාම අභියෝගාත්මක අවස්‌ථාවක්. රණවිරුවා මත ඇති කරන පීඩනය මත මෙම කුමන්ත්‍රණයට රණවිරුවන් සුළු පිරිසක් හෝ අසුවන්න ඉඩ තිබෙනවා. එමනිසා ඔවුන්ට අධිෂ්ඨානශීලීව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට තමයි, අපි වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් ගෙන එන බව ප්‍රකාශ කළේ.
ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හනුමා පාලමින් මෙරටට පැමිණෙන නූතන හනුමන්තලා විසින් ලංකාව ගිනි තබන්නේ නැහැ කියල සහතික වෙන්න පුළුවන් කාටද?
ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන්a විශ්‍රාම ගැනීමට සූදානම් වන බවට සමහරුන් ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රකාශයන් පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?
පිළිතුර - මහින්ද රාජපක්‍ෂ මහතා විශ්‍රාම ගන්නේ නෑ. මගේ මතය නම් නුදුරු අනාගතයේදි ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික, සමාජයීය සහ ආරක්‍ෂක යන අර්බුදයන් හමුවේ මේ ජාතියට යළිත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය අවශ්‍ය වනවා. එම අවස්‌ථාව උදාවනතෙක් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉවසීමෙන් නිහඬව බලා සිටිය යුතු බවයි මගේ විශ්වාසය.
ඉදිරියේදි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පුංචි ඡන්දයක්. අපි පාර්ලිමේන්තු මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සම්බන්ධ කර ගන්නේ, එතුමා යළි රටේ නායකයා කරන්න. අපේ රටේ සැබෑ නායකයා වන්නේ පාර්ලිමේන්තුවේ බලය හිමි පුද්ගලයායි. එය කිහිප අවස්‌ථාවදීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා දී තිබෙනවා.
ඉදිරියේ පැවැත්වෙන්නේ පුංචි ඡන්දයක් නිසා, මහින්ද රාජපක්‍ෂ මහතා නිහඬව සිටිය යුතුය යන්න මගේ පෞද්ගලික මතය වනවා. මම එම මතය මෙතෙක් ප්‍රසිද්ධ නොකළේ ඉදිරියේ කළ යුතු දේ පිළිබඳව අප අතර පැවැති දැවැන්ත සංවාදය නිසයි. අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ අලුත් සංධානයකින්. මෛත්‍රීපාල සිරිසේන මහතා සංධානයේ නායකයා ලෙස කටයුතු කරන තුරු යළිත් බුලත්කොළයට ඡන්දය නොදෙන බව සංධාන පාක්‍ෂිකයාගේ මතය වී තිබෙනවා.
එරික් ගාමිණී ජිනප්‍රිය


Related