සේයා දියණියගේ අවසාන ගමනේ ජයාරූප
බරපතළ අපයෝජනයට ලක්කොට ඝාතනය කෙරුණු සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදුකෙරුණා. ඒ, ප‍්‍රදේශවාසීන් දහස් ගණනකගේ සහභාගි...

https://www.sathhanda.com/2015/09/seya-sadevmini-kotadeniyaya.html
බරපතළ අපයෝජනයට ලක්කොට ඝාතනය කෙරුණු සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදුකෙරුණා.
ඒ, ප‍්‍රදේශවාසීන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්. පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසින් අතුරුදන්ව සිටි සදෙව්මි දැරියගේ මළ සිරුර ඇයගේ නිවසට මීටර් 300ක් පමණ නුදුරින් පිහිටි ඇළ මාර්ගයක ඉවුරේ තිබී පසුගිය ඉරිදා සොයා ගැනුණා.
ඇයගේ අතුරුදන්වීම මෙන්ම ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් රට පුරා ජනතාවගේ දැඩි අවධානය යොමුවුණා. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් රටම කම්පාවට පත්ව සිටිනවා. සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) සිදු කෙරුණේ බඩල්ගම අකරන්ගහ සුසාන භූමියේදීයි.
මේ අතර සේයා සදෙව්මිගේ අවසන් කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවස අසල විශාල පිරිසක් රැස්ව සිටින බවදවාර්තා වෙනවා. ඒ අනුව ප‍්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තරකර තිබෙනවා.
අවසන් කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවසට බලෙන් ඇතුළු වූ බව කියන දෙදෙනෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට 2000 ක් පමණ නිවස අසල රැස්ව සිටින බවත් සඳහන්. ඒ අතර ගාල්ල, මාතර, කුරුණෑගල ප්‍රදේශවලින් පැමිණි පිරිස් ද වෙනවා. දැරිය ඝාතනය කළ පාපතරයා කවුදැයි හෙළි කරන ලෙස ඔවුන් පවසමින් මෙලෙස හැසිරෙන බවත් සඳහන්.
Related