ඇමති නොවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ ඉන්න අවසර - එත් විපක්ෂනායක කම නම් ඉල්ලන්න එපා - ජනපති කියයි
වත්මන් සභාග ආණ්ඩුවේ ඇමති ධුර ලබානොගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධාවක් න...

https://www.sathhanda.com/2015/09/sri-lanka-freedom-party_16.html
වත්මන් සභාග ආණ්ඩුවේ ඇමති ධුර ලබානොගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති මන්ත්‍රී පිරිසට දැනුම්දී තිබේ.
ඊයේ (15දා) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ජනාධිපතිවරයා මුණගැසී පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීරණය දැනුම් දුන් බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ මොහොතේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධව ඉල්ලීම් නොකරන ලෙසත් පක්ෂයට හානියක් නොවන ලෙසට කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.
ඇමති ධුර ලබා නොගත් අයගේ ආසන සංවිධායක ධුර අහෝසි කරන්නේදැයි එහිදී මන්ත්‍රී පිරිස විමසීමක් කර ඇති අතර, එවැනි තීරණයක් ගෙන නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
මේ අතර පසුගියදා මාධ්‍ය මගින් වාර්තා වුයේ ඉන්දියානු මැදහත්වීම මත විපක්ෂනායකදුරය දෙමල සන්ධානයට ලබාදීමට ජනාධිපතිවරයා එකඟවී ඇති බවය.
මේ අතර පසුගියදා මාධ්‍ය මගින් වාර්තා වුයේ ඉන්දියානු මැදහත්වීම මත විපක්ෂනායකදුරය දෙමල සන්ධානයට ලබාදීමට ජනාධිපතිවරයා එකඟවී ඇති බවය.
lever thing to do would have been for UNP to form a coalition with TNA giving them about 3 ministries and let 95 UPFA MP's to operate from opposition.Dudley Senanayake formed a coalition with Federal Party in 1966, giving them one ministry.
ReplyDelete