වන අලි ගමට ආවාම එළවන්න යන්න එපා - වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. බී. රත්නායක

අපේ රටේ අවුරුද්දකට වල් අලින් 250 ක්‌ විතර මියයනවා. ඒ වගේම අලි පහරදීම නිසා මිනිසුන් 70 ක්‌ පමණ මියයනවා. මේ මිනිස්‌ මරණවලින් 85% ක්‌ම සිදුවන්නේ මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා යෑයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. බී. රත්නායක මහතා පැවසීය.

අලි - මිනිස්‌ ගැටුම අවම කරගැනීම සඳහා ගතයුතු පියවර පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පිණිස ගල්ගමුව කංකානියාගම ප්‍රදේශයේ පැවැති ජන සභා මණ්‌ඩපයකදී ඔහු මෙම අදහස්‌ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ ද කීය.

අලි සාමාන්‍යයෙන් ක්‍රියාශීලී වන්නේ රාත්‍රි කාලයට. දිවා කාලයේ ඒ අය විවේක සුවයෙන් ඉන්නේ. අලි වනාන්තරවලින් එළියට බසින වේලාවට අපේ අය පාරවල්වල යනවා. අලි ගැවසෙන මාර්ගවල පිරිමි අය බීලා යනවා. බීලා යනකොට ක්‍ෂණික තීරණ ගන්න බැහැ. ඒ නිසා හවස්‌ කාලයට බීමත්ව අලි ගැවසෙන මාර්ගවල යන්න එපා.

අලියා කියන්නේ ක්‍ෂණිකව කේන්ති යන සතෙක්‌. එයාගේ හැසිරීම් රටාව සමඟ සෙල්ලම් කරන්න යන්න එපා. සිහිබුද්ධියෙන් කටයුතු කරනවා නම් අලි පහරදීම් නිසා ඇති වන මරණවලින් 85% ක්‌ වළක්‌වා ගන්න පුළුවන්.

වල් අලි ගමට ආවාමත් ඒ අය එළවන්න යන්න එපා. අලියෙක්‌ ගමට ආවාම ඒ ගැන ළඟම වනජීවී කාර්යාලයට දැනුම් දෙන්න. එහෙම නැතිනම් පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දන්වන්න. අවශ්‍ය පියවර ඒ අය ගනීවි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7806509217791705356

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item