විමල් සහ ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තු ලැයිස්තුවෙන් ඉවතට

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ අටවැනි පාර්ලිමේන්තුව න...

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස නොසැලකීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

ඒ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. ඒ අනුව දේශපාලන පක්ෂ හයක් පමණක් පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය , දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කළේ.

ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස නොසැලකීම හේතුවෙන් එහි නායකයන්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් අහිමිවනු ඇති.

එමෙන්ම පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප්‍රසාද ද අහිමි වනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. මින් ඉදිරියට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුනට එම අවස්ථාවච අහිමිවනු ඇති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8562246386383591029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item