පිළිකාව නිවැරදිව හඳුනාගනිමු - වෛද්‍ය සමන් හේවාමාන
වාර්ෂිකව මිලියන 10ක් පමණ අලුතින් රෝගීන් බවට පත්වන අතර ඉන් මිලියන 06 කට වැඩි ප්‍රමාණයක් මිය යන බව සඳහන්ය. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළික...

https://www.sathhanda.com/2015/10/cancer.html
පිළිකා රෝගය ඇති වීමට බලපාන සාධක රැසක් ඇති අතර ඒවා එකක් හෝ කිහිපයක් කාලාන්තරයක් තිස්සේ බලපෑම් කිරීමෙන් මේ රෝගය වැළඳීම සිදුවේ. මේ සඳහා බලපාන බාහිර සාධකද රැසක්ම වේ.
මනුෂ්‍ය සිරුරේ හිසේ සිට දෙපතුළ දක්වා ඕනෑම තැනක පිළිකා රෝගය ඇති විය හැකිය. ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනකුට වැළඳිය හැකි මේ රෝගය මොළයේ, මුඛයේ, මුඛ කුහරයේ, තයිරොයිඩ් ග්‍රන්ථියේ, අන්නස්රොaතයේ, පියයුරුවල, පෙණහලුවල, බඩවැලේ, මහා අන්ත්‍රයේ, ගුද මාර්ගයේ, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂවල, ගැබ්ගෙලේ, යෝනි මාර්ගයේ හා අස්ථිවල හට ගැනීමට ඉඩ තිබේ.
පිළිකා රෝග අතරින් රුධිර පිළිකා වලට හිමිවන්නේ ප්‍රධානතම ස්ථානයකි.විවිධ රුධිර පිළිකා වර්ග හා ඒවා හඳුනාගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙලේ රුධිර පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන කොළඹ ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහලේ සමන් හේවාමාන මහතා දිවයින ඉරිදා සංග්‍රහයට කරුණු දැක්වුයේ මෙසේය.සමන් හේවාමාන මහතා මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝයල් මාස්ඩන් රෝහලේ වසර ගණනාවක් සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණ සිටී.
රුධිර පිළිකා ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.
ලියුකේමියා, ලිම්ෙµdaමා සහ මයලෝමා එම වර්ගයන්ය.
ලියුකේමියා ප්‍රධානතම ලේ පිළිකා වර්ගයයි.
ලියුකේමියා වර්ගරැසකි. එය ප්‍රධාන වශයෙන් ඇකියුට් ලියුකේමියා හා ක්‍රොනික් ලියුකේමියා ලෙස වර්ග දෙකකට බෙදේ.
එසේම රතු රුධිරාණු සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා වැඩිවන හා අඩුවන විවිධ ලියුකේමියා වර්ගයන් තිබේ.
සමහර අවස්ථාවලදී ලියුකේමියාව සාමාන්‍ය රුධිර පරීක්ෂාවන් මගින් හඳුනා ගත හැක.
උණ හෝ විවිධ රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීමේදී ඇතැම් විට ලියුකේමියා රෝගය හඳුනා ගැනේ. බෝන් මැරෝ පරීක්ෂාවෙන්ද ලියුකේමියාව හඳුනාගත හැක. සමහර ලියුකේමියා වර්ග ශරීරයට කිසිම දැනීමක් නොමැතිව දීර්ඝ කාලයක් තිබිය හැක.
ලේ අඩුවීම නිසා අධික මහන්සිය, අසාමාන්‍ය ලෙස ලේ ගැලීම ආදී ලක්ෂණ මගින්ද ලියුකේමියා රෝගීන් වෛද්‍යවරයෙකුට ඉදිරිපත් විය හැක.
ඇකියුට් ලියුකේමියාවේ රෝග ලක්ෂණ වන්නේ උණ, අධික මහන්සිය, අධික ලෙස රුධිරය පිටවීම, විදුරුමස් වලින් ලේ යැම, මාසික ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීම, එසේ නොමැති අවස්ථාවල පවා යෝනි මාර්ගයෙන් අධික ලෙස ලේ ගලායැම, තුවාලයකින් පවා අධික ලෙස ලේ ගැලීම, සම යටින් ලේ ගැලීම (රතු පල්ලම් ලෙස පෙනේ) ආදියයි. මෙය හඳුනාගැනීම රුධිර පරීක්ෂාවෙන් හෝ බෝන් මැරෝ පරීක්ෂාවෙන් කළ හැක.
ලිම්ෙµdaමා යනු වසා පද්ධතියේ පිළිකාවන්ය. එය ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැක.
ප්‍රධාන ලෙස වසා ගැටිති (කුද්දැටි) ඉදිමීම, ශරීරයේ බර අඩුවීම, අධික ලෙස දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ වේ.
ලේ පරීක්ෂාව, වසා ගැටිති පරීක්ෂාව හෝ බෝන් මැරෝ පරීක්ෂාවෙන් හඳුනා ගත හැක.
මයලෝමා යනු ප්ලාස්මා සෛලවල (බෝන් මැරෝ ආශ්රිත) සෑදෙන පිළිකා වර්ගයකි.
කොන්දේ කැක්කුම, වකුගඩු නරක්වීම, අධික මහන්සිය ප්‍රධාන රෝග ලක්ෂණ වේ.
එක්ස්රේ පරීක්ෂාව , රුධිර පරීක්ෂාව හෝ බෝන් මැරෝ පරීක්ෂාව මගින් හඳුනා ගත හැක.
රුධිර පිළිකා නිවැරදි ප්‍රතිකාර මගින් සුවපත් කළ හැක. බොහෝ රුධිර පිළිකා වර්ග නිට්ටාවටම සුව කර ගත හැක.
විවිධ හේතු නිසා රුධිර පිළිකා සෑදිය හැක. කලාතුරකින් පරම්පරාවෙන් පරම්පරාවට වැළඳෙන රුධිර පිළිකා වර්ග තිබේ. සමහර වෛරස නිසා ලිම්ෙµdaමා වර්ගයේ රුධිර පිළිකා සෑදිය හැක. උදාහරණයක් ලෙස එඩ්ස් රෝගියකුට ලිම්ෙµdaමා රුධිර පිළිකා ඇතිවිය හැක. විකිරණවලට නිරාවරණය වීම නිසා පිළිකා ඇතිවිය හැක. නමුත් බොහොමයක් රුධිර පිළිකා සඳහා හේතු තවම සොයාගෙන නොමැත.
ජනිත සෙනෙවිරත්න
Related