පුංචි චන්දය කල් යයි
ඡන්ද ක්‍රමය ගැන මෙතෙක් තීරණයක් ගත නොහැකි වීම නිසා ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ කල් දැමීමට ආණ්‌ඩුව සැලසුම් කර ඇත....

https://www.sathhanda.com/2015/10/sri-lanka-elections-2016.html
මේ සඳහා මාස ගණනාවක් ගත වීමට ඉඩ ඇති බැවින් මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්විය නොහැකි වනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
දැනට තිබෙන සමානුපාතික ක්‍රමය යටතේ නම් පළාත් පාලන මැතිවරණ මාර්තු මාසයේදී පැවැත්විය හැකි නමුත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය කොට්‌ඨාස ක්‍රමයටම එම මැතිවරණ පැවැත්විය යුතු බව තරයේම කියා සිටී.
මෙම අර්බුදය නිසා මාර්තු මාසයට නියමිත පළාත් පාලන මැතිවරණ කල් දැමීමට අනිවාර්යයෙන්ම සිදුවන බවද ඉහත කී ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.
Related