තවත් දුෂණයක් - 14 හැවිරිදි දැරියට අසාධ්‍යයි

ගිරාදුරුකෝට්ට්‍ෙ හඟුරන්කෙතයාය නිවසක හුදකලාව සිටි 14 හැවිරිදි දැරියක් දූෂණය කර, ගෙල සිරකලේ යැයි සැකපිට 34 හැවිරිදි දෙදරුපියෙක් අත්අඩංගුවට ...

ගිරාදුරුකෝට්ට්‍ෙ හඟුරන්කෙතයාය නිවසක හුදකලාව සිටි 14 හැවිරිදි දැරියක් දූෂණය කර, ගෙල සිරකලේ යැයි සැකපිට 34 හැවිරිදි දෙදරුපියෙක් අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි. ඊයේ (08දා) සවස 4-30 ට පමණ මෙම අපරාධය සිදුකර ඇති අතර, සැකකරු මෙම දැරියගේ නිවසට නුදුරු නිවසක පදිංචි කාරයෙක් බව පොලීසිය පවසයි. ඔහු කොළඹ ප්‍රදේශයේ හෝටලක කොත්තු බාස් කෙනෙක් ලෙස රැකියාව කරන බවත් නිවාඩු ලබා ගෙදර පැමිණ සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බවත් පරික්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

දූෂණයට ලක්වූ දැරියගේ පියා සහ මව කුලී වැඩ සදහා පිටත් ගොස් සිටියදී සැකකරු එම නිවසට ගොස් මෙම අපරාධ කර සිදුකර ඇති අතර දැරියගේ කෑගැසීමේ හඬ ඇසී අසල්වැසි නිවසක ජීවත්වන ඥාති කාන්තාවක් දිවගොස් ජනේලයෙන් එබී බලද්දි සැකකරු දැරියගේ ගෙල මිරිකා නිවසින් එළියට පැන පලා‍ගොස් ඇතැයි පොලීසිය පවසයි .

ඒ අනුව, ඊයේ රාත්‍රිය පුරා ගම්වැසියන්ගේද සහාය ඇතිව පොලීසිය විසින් මුළු ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියත්මක කලත් සැකකරු හමුවී නැත. නමුත්, සැකකරු සොයා මාර්ගසෝදියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට අද (09 දා) අලුයම ත්‍රීරෝද රථයකින් පලා යමින් සිටි සැකකරු කොටුවී තිබේ.

දූෂණයට ලක්වීම හා ගෙල සිරවීම නිසා අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරිය බදුල්ල මහරෝහලට යවා ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4034300955577751950

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item