කොළඹ වාහන ධාවන වෙනස් වෙන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තු මාර්ගයේත් මහරගම නගරයේත් ඇති වන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස විශේෂ රථවාහන සැලැස්මක් රථවාහන ‍පොලිස් මූලස්ථානය හඳුන්වාදී ඇත....

පාර්ලිමේන්තු මාර්ගයේත් මහරගම නගරයේත් ඇති වන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස විශේෂ රථවාහන සැලැස්මක් රථවාහන ‍පොලිස් මූලස්ථානය හඳුන්වාදී ඇත.ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගයේ වැලිකඩ හන්දියේ සිට කොළඹ 07 හෝටන් වටරවුම දක්වා වූ කොටස දෛනිකව උදෑසන 7.30 සිට උදෑසන 8.45 දක්වා කාලය තුළ තනි දිසාවට වාහන ධාවනය කිරීමට සැලැස්මක් සකස්කර ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න සඳහන් කළේය.

එම රථවාහන සැලසුමේ පෙර හුරුවක් ලබන සෙනසුරාදා පෙරවරු 10.30 සිට 11.30 දක්වාත් ඉරිදා පෙරවරු 7.30 සිට පෙරවරු 8.45 දක්වාත් පැවැත්වෙන බවද නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සඳහන් කළේය. නව රථවාහන සැලසුම ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටය

01. වැලිකඩ හන්දිය දෙස සිට ආයුර්වේද හන්දිය දක්වා ජයවර්ධනපුර මාර්ගයේ පාර්ලිමේන්තුව දෙස සිට කොල්ලුපිටිය දෙසට
02. අයුර්වේද හන්දිය සිට වැලිකඩ හන්දිය දක්වා පරණ රාජගිරිය පාර බොරැල්ල දෙස සිට පාර්ලිමේන්තුව දෙසට
03. දේවි බාලිකා විද්‍යාලය අසල සිට හෝර්ටන් වටරවුම දක්වා (නෙලුම් ‍පොකුණ) දක්වා ජයවර්ධනපුර පාර හා හෝර්ටන් පාර වැලිකඩ දෙස සිට කොල්ලුපිටිය දෙසට
04. ගේ‍රගරි පාර මේට්ලන්ඩ් කසන්ට් හන්දිය සිට කිංසි පාර දක්වා කිංසි පාර දෙසට
05. පරණ බුලර්ස් පාර (රේමන්ඩ් මල් ශාලාව අසල පාර) කනත්ත වටරවුම සිට දේවි බාලිකා හන්දිය දක්වා වැලිකඩ දෙසට

මහරගම නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කර ඇත්තේ හෝමාගම දෙස සිට කොළඹ දෙසට තනි දිසාවට ගමන් කිරීමට ඇති මංතීරු ප්‍රමාණය තුනක් දක්වා අඩුකර එක් මංතීරුවක් කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කිරීමට විවෘත කරමින් නගරයේ ත්‍රිරෝද රථ ගාල මෙන්ම බස් රථ ධාවනයේද වෙනස් කම් කිහිපයක් සිදුවනු ඇත.
ඒ සම්බන්ධ පෙරහුරුව ලබන ඉරිදා පෙරවරු 9 ත් 10 ත් අතර සිදුවන අතර සඳුදා දහවල් 1.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙන බව නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4490967117233568164

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item