ජිනීවා යෝජනාව ඒකමතිකව සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ හා ඇමරිකාව ඇතුළු රටවල් 25 ක සහායෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනාව අද ශ්‍රී ලංකා ව...

ශ්‍රී ලංකාවේ හා ඇමරිකාව ඇතුළු රටවල් 25 ක සහායෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.10ට පමණ සම්මත විය.

ඡන්ද විමසීමක් අවශ්‍යදැයි සභාපතිවරයා විමසූ විට සභාව නිහඬවී සිටියේය.

යෝජනාව පිළිබඳව එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා යෝජනාව සම්මතවීමට පෙර කථාකරමින් පැවසූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුම හා උදව් ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්ෂණය ඉටු කරන බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහාවන සංහිඳියාව, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරන බවත් ඔහු කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4221939907019267222

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item