ඉන්දියාවේ 5කට මරණ දඬුවම
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයේ අධිකරණයක් විසින් 2006 වසරේ දී මගී දුම්රිය තුළ බෝම්බ පුපුරුවා හැරීමෙන් මහා මිනිස් ඝාතනයක් කළ බවට චෝදනා ලැබූ...
https://www.sathhanda.com/2015/10/capital-punishment-in-india.html
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයේ අධිකරණයක් විසින් 2006 වසරේ දී මගී දුම්රිය තුළ බෝම්බ පුපුරුවා හැරීමෙන් මහා මිනිස් ඝාතනයක් කළ බවට චෝදනා ලැබූ චූදිතයන් අතරින් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කරනු ලැබ තිබේ.
2006 වසරේ ජුලි මස 11 වෙනිදා සිදු වූ මේ මහා මිනිස් ඝාතනය ට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
මේ සිදුවීමේ දී දුම්රිය කිහිපයක් තුළ සිදු කරන ලද පිපීරීම් 7 ක් හේතුවෙන් පුද්ගලයන් 189 කට ජීවිත අහිමි වු අතර තවත් 800 කට වැඩි පිරිසකට තුවාල සිදු විය.


Related