බිරිඳගේ ගෙල සිඳ හිස සමග පොලිසියට ආ සැමියා
සිය දියණියගේ සැමියා සමග තම බිරිඳ අනියම් සම්බන්ධයක් ඇති බවට සැක කළ පුද්ගලයෙකු විසින් බිරිඳගේ හිස කඳින් වෙන් වෙන්නට කපා හිස කොටස මහ මඟ රැගෙන ...
https://www.sathhanda.com/2015/10/indian-man-beheads-wife.html
සිය දියණියගේ සැමියා සමග තම බිරිඳ අනියම් සම්බන්ධයක් ඇති බවට සැක කළ පුද්ගලයෙකු විසින් බිරිඳගේ හිස කඳින් වෙන් වෙන්නට කපා හිස කොටස මහ මඟ රැගෙන යමින් සිටියදී පොලිසීය විසින් අල්ලාගෙන තිබෙනවා.
සැමියාගෙ සැකය හේතුවෙන් මොවුන් දෙදෙනා අතර නිතර අඩදබර ඇති වෙන බවට අවට ප්‍රදේශවාසීන්ද පවසා තිබෙනවා.
ඒ අනුව සැමිය වන රාමු චවාන් විසින් පොරොවක් ගෙන බිරිඳ පාගා මෙලෙස හිස කඳින් වෙන් වෙන්නට කපා ඝාතනය කර ඇති අතර පසුව එලෙස ලේ වැගිරෙමින් තිබූ හිසත් අනෙක් අතින් පොරොවත් රැගෙන ගමන් කර ඇති බවයි සඳහන් වුණේ.
ඉන්දියාවේ පූනේ නගරයේ මෙම සිදුවීම ඇති වී තිබෙන අතර ඝාතනය සිදු කළ සැමියා 60 හැවිරිදි රාමු චවාන් වන අතර ඝාතනයට ලක් වූයේ 45 හැවිරිදි සෝනුබායි නැමැති රාමු ගේ බිරිඳයි.


Related