ගිනිඅවි ආඥාපනත යටතේ ඇවන්ගාඩ් සිද්ධියට නඩු පවරන්න බෑ – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සෝභිත රාජකරුණා

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ කරුණු මත ගිනිඅවි ආඥා පනත යටතේ අපරාධමය වශයෙන් නඩු පැවරීමේ ඉඩකඩක් නොමැති බ...

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ කරුණු මත ගිනිඅවි ආඥා පනත යටතේ අපරාධමය වශයෙන් නඩු පැවරීමේ ඉඩකඩක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා පැවසීය.නීතිපති යුවන්ජන් ජයතිලක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා, අතිරේක සොලිසිටර් ජනරාල් අනූෂා නවරත්න මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හමුවීම සඳහා ඊයේ (11) පෙරවරුවේ එම මහාවිහාර වෙත පැමිණි අතර මහා නාහිමිවරුන් සමග සාකච්ඡාවලින් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව අවධාරණය කළේය.

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ සියලු ගනුදෙනු ගිනිඅවි ආඥා පනත යටතේ පාලනය වන බවද එවකට සිටි ආරක්ෂක ඇමැතිවරයා ගත් තීන්දු සම්බන්ධයෙන් අභිමතානුසාරි බලයක් පැවරී ඇති බවත් එවැනි කාරණාවලදී මෙම පනත යටතේ නඩු පැවරිය නොහැකි බවත් ආරක්ෂක ඇමතිවරයා සතු එම අභිමතානුසාරි අභියෝගයකට ලක් කිරීමට වෙනත් නීතිමය ප්‍රතිපාදන පවතින බවත් රාජකරුණා පැවසීය. ඒ අනුව යම් දූෂණ වංචාවක් හෝ මූල්‍ය අක්‍රමිකතාවන් සිදුවී ඇත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හරහා ඉදිරි පර්යේෂණ කටයුතු සිදුකරන ලෙස ‍පොලිසියට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයිද ඒ  පැවසීය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු ඉවත් කිරීමට හෝ ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා විසින් කිසිදු අවස්ථාවක උපදෙස් ලබා දී නොමැති බවත් එසේ සිදුකර ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් පැවසීය. මේ කරුණ සම්බන්ධයෙන් පසුගිය කාලයේ නීතිපතිවරයාට හා නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වූ අභූත චෝදනා හේතුවෙන් සාමාන්‍ය සම්ප්‍රදායයෙන් බැහැරව පුවත්පත් දැන්වීම් පවා පළ කිරීමට සිදු වූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8731705440676634992

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item