අද ලෝකයම අපේ පැත්තේ, මහින්ද කකුලෙන් අදිනවා - ලක්ෂ්මන් කිරිඇල්ල
ලෝකයම නව රජය ගැන විශ්වාස තබා සිටිද්දී හිටපු ජනාධිපති රාජපක්‍ෂ කකුලෙන් ඇදීම හාස්‍යයට කරුණක් යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. මහන...

https://www.sathhanda.com/2015/10/lakshman-kiriella.html
ලෝකයම නව රජය ගැන විශ්වාස තබා සිටිද්දී හිටපු ජනාධිපති රාජපක්‍ෂ කකුලෙන් ඇදීම හාස්‍යයට කරුණක් යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.
‘ජාත්‍යන්තර පරීක්ෂණ එපා දේශීය පරීක්ෂණයක් ලබා දෙන්න කියලා එදා කිව්වේ මහින්ද රාජපක්ෂමයි. ඒ ආකාරයේ දේශීය පරීක්ෂණයක් ලැබී ඇති අවස්ථාවේ ඊට මහින්ද රාජපක්ෂ අකුල් හෙළීම හාස්‍යයට කරුණක්. දේශීය පරීක්ෂණයක් ලැබීම නව රජය පිළිබද ජාත්‍යන්තරය තැබූ විශ්වාසය තහවුරු වීමක්.
ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා වැඩ සිද්ධ වෙන තැනට පත් කළේ මහින්ද රාජපක්ෂමයි. අප අද එය වෙනස් වෙලා දේශීය පරීක්ෂණයක් සිදුකරන තැනට කටයුතු කලේ ජාත්‍යන්තරය නව රජය කෙරෙහි තැබු විශ්වාසය නිසයි’
Related