ඇමති නිමල්ට හු කියලා එළවලා - වෘතිය සමිති රැස්වීමෙන් නැගිට යයි

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවක දී ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් එම රැ...

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවක දී ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් එම රැස්වීමේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර වෘතිය සමිති සාමාජිකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ නිමල් සිරිපාලට නැගිට යාමට සිදුවී ඇති බව වාර්තා වේ. ප්‍රවාහන වෘත්තීය සමිති හා අමාත්‍යවරයා අතර පෙරේදා (28) නාරාහේන්පිට ශාලිකා උත්සව ශාලාවේ පැවැති මෙම හමුව සඳහා දිවයින පුරා පිහිටි ඩි‍පෝවල අධිකාරිවරුන්, සාමාන්‍යාධිකාරිවරුන් සහ වෘත්තීය සමිති කණ්ඩායම් 9ක නියෝජිතයෝ එක්ව සිටියහ.ඇමැතිවරයා විසින් අදාළ වෘත්තීය සංගම් නිලධාරීන් සාකච්ඡාවකට කැඳවා ඇති අතර එය පෙරේදා (29) නාරාහේන්පිට ශාලිකා උත්සව ශාලාවේදී පවත්වා තිබේ.

මෙහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ ලංගම සේවක වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රු. මිලියන 22,600ක මුදල මිලියන 16200 දක්වා කපා හැර ඇති බැවින් එසේ කපාහරින ලද මිලියන 6400 ඩි‍පෝ මගින් සොයා ගත යුතු අතර එම මුදල උපයා ගැනීමට අ‍පොහොසත් වන ඩි‍පෝ අධිකාරීන් ලබන ජනවාරියේ සිට තනතුරින් ඉවත් කිරීමට තමා පියවර ගන්නා බවයි.

ඔහුගේ මෙම අදහස් ප්‍රකාශ කිරීමත් සමග  දැඩි විරෝධය දැක්වීමට පටන්ගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2518236263868210488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item