දිවි සැරිය නිම කල ලයනල් මෙන්ඩිස් පිලිබඳ සටහන
මෙරට ක්‍රිකට් වංශ කතාවේ වීරයන් සඳහා මාවත සැකසූ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතාගේ හැට වසරක ක්‍රිකට් මෙහෙවර මේ වන විට නිමා වී අ...

https://www.sathhanda.com/2015/10/lional-mendis-passed-away.html
මෙරට ක්‍රිකට් වංශ කතාවේ වීරයන් සඳහා මාවත සැකසූ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතාගේ හැට වසරක ක්‍රිකට් මෙහෙවර මේ වන විට නිමා වී අවසන්.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ලයනල් මෙන්ඩිස් මහතා මිය යන විට 80 වැනි වියේ පසු වුණා.
ගාල්ල රිච්මන්ඞ් විදුහලෙන් ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු හමුදා නිලධාරියකු ලෙසද කටයුතු කර තිබෙනවා.
1973 වසරේ කොළඹ ආනන්ද විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ධූරයේ කටයුතු පටන් ගත් මෙන්ඩිස් ගුරුතුමාණන් අර්ජුන රණතුංග, ධම්මික රණතුංග, බ්‍රෙන්ඩන් කුරුප්පු, චරිත් සේනානායක, නිශාන්ත රණතුංග, දුලිප් සමරවීර සහ සංජීව රණතුංග යන ක්‍රිකට් පරපුරේ ගුරුවරයා බවට පත්වුණා.
පසුව එන්. සී. සී. ක්‍රිකට් පුහුණු පාසල ආරම්භ කිරීමෙන් අනතුරුව රොෂාන් මහානාම, බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි,කුමාර ධර්මසේන, සංජීව වීරසිංහ, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, නිරෝෂන් බණ්ඩාරතිලක, අවිෂ්ක ගුණවර්ධන, නවීඞ් නවාස් සහ ජෙහාන් මුබාරක් වැනි දක්ෂතම ක‍්‍රීඩකයෝ ලයනල් මෙන්ඩිස් මහතාගේ ගුරුහරුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අත්පොත වන ‘ ක්‍රිකට් හුරුව’ ද ලයනල් මෙන්ඩිස් මහතා සම්පාදනය කරන ලද්දක් වනවා.
ලයනල් මෙන්ඩිස් මහතා ඇගයීම වෙනුවෙන් පසුගිය මස 21 වැනිදා කොළඹ ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී ‘ලයනල් මෙන්ඩිස් ක්‍රිකට් හරසර ප‍්‍රණාම උළෙල’ක් පැවති අතර ජීවත්ව සිටියදී ඔහුට ගරුකිරීම සඳහා ඒ වැදගත් පියවර තැබුවේ අර්ජුන රණතුංගයි.
එහිදී රණතුංග මහතා කළ කථාව ලයනල් මෙන්ඩිස් සැබෑ චරිතාපදානය බවට පත් වුණා.
”අද අපි ලයනල් මෙන්ඩිස් සර්ව මේ විදියට හමුවෙන්නේ සර් ක්‍රිකට් ක්‍රීඩා වේ පුහුණුවීම්වලින් විශ‍්‍රාම යෑම මුල්කරගෙනයි. ආනන්දෙ එකට ක්‍රීඩා කරපු සහෝදර ක‍්‍රීඩකයො කීප දෙනෙක් පසුගිය කාලේ හමුවන අවස්ථාවලදී කීවේ එකතු වෙලා සර් විශ‍්‍රාම යන වෙලාවටවත් අපි එතුමාව අගය කිරීමේ වැඩසටහනක් කරමු කියලා
මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලත් ලයනල් මෙන්ඩිස් සර් මට කිව්වා විශ‍්‍රාම යනවා කියලා. මම කිව්වා සර් නම් ක්‍රිකට් ක්‍රීඩා වෙන් විශ‍්‍රාම යන්න පුළුවන් කෙනෙක් නොමෙයි කියලා”
”අපිට සර් කිව්වා අවුරුදු 80 ක් වෙලා තියෙන්නේ, (අර්ජුන සිනා සෙමින්) හැබැයි සර්ට 80 ක් කියලා පෙන්නේ නෑ. අද ඒ තීරණය අරගෙන තියෙන නිසා අපි එකට ක්‍රීඩා කළ සහෝදරයෝ ටික, ඒ වගේම ආනන්ද, නාලන්ද සියලූම පාසල්වල ආදි ශිෂ්‍යයන්, අපි කල්පනා කළා මෙවැනි උත්සවයක් පවත්වනවා නම් හොදම තැන අපේ පාසල (ආනන්ද විදුහල) කියලා.
මට මතකයි 1974, වයස 12 න් පහළ කණ්ඩායම තෝරන විට මට සුදුසුකම් තිබුණේ නෑ එයට තේරෙන්න. වයස් සීමාවක් තිබුණා අවුරුදු 10 ක් විය යුතුයි, අවුරුදු 12 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න. මට ඒ වන විට අවුරුදු 9 යි.
ධම්මික අයියා නාලන්දා ක්‍රීඩා ගණයේ පුහුණුවීම් කරනවා, මම එළියේ ටෙනිස් බෝල ගගහා හිටියා. මම සෙල්ලන් කරනවා දැකලා තමයි පළමු අවස්ථාව ලැබුණේ. ලයනල් මෙන්ඩිස් සර් මට කථා කරලා ඇහුවා ඇයි පුහුණුවීම්වලට ආවේ නැත්තේ කියලා. මම කිව්වා මාව තෝරා ගත්තේ නෑ කියලා.
ඊට පසුව මට ක්‍රීඩා ආම්පන්න කීපයක් දීලා සෙල්ලම් කරන්න කියලා කිව්වා. මට මතකයි මම පළමු කණ්ඩායමට අවුරුදු 9 දී තේරුණා. රෝහිතලා, චරිත්ලා අපි සෑම දෙනාම ඒ කණ්ඩායමේ ක්‍රිකට් පටන්ගත්තු අය. එතනින් ඔබ්බට ගියාම අපිට පැය ගාණාක් කථා කරන් පුළුවන් අපිට වෙච්ච සිද්ධි. මම මේ පාසලට ඇතුළත්ට එනවිට මම දැක්කා චරිත් සේනානායක ඉන්නවා. මම හිතනවා ඒ නිසා මේ කථාවත් කියන්න ඕනේ කියලා.
චරිත් සේනානායක ශතකයක් ලබලා නාලන්දා ක්‍රීඩා ගණයේ දැවී ගියාට පස්සේ ඇවිදගෙන ගියා පැවිලියන් එකට. යනකොට ග්ලවුස් දෙක ගලවලා බැට්එක ගහගත්තා කිහිල්ලෙ..... මම හිටියේ අනික් පැත්තේ. ටික දුරක් ගිහිල්ලා මට පේනවා චරිත් සේනානායක ආපසු මැද්දට එනවා. මම දැක්කා ලයනල් මෙන්ඩිස් සර් ඉන්නවා මැදට වෙලා. අන්න ඒ වගේ තමයි අපේ විනය හැදුවේ.
ලයනල් මෙන්ඩිස් සර් අපිට ක්‍රිකට් විතරක් නෙවෙයි ඉගැන්නුවේ. පන්දුවට පහර දෙන්න, පන්දු යවන්න, පන්දු රැකීම පමණක් නොවෙයි ඉගැන්නුවේ. අපිට ඔබතුමා ජීවිතයේ හැම දේම උගන්වලා තියෙනවා. ඇවිදින්න, කන්න බොන්න ඒ සියල්ලම ඉගැන්නුවා.
මට ප‍්‍රධාන කාරණාවක් මතක් වෙනවා. මම ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුව සිටියදී ශ්‍රී ලංකා පිලේ නායකයා.
අපි සහභාගි වූ පළාත් තරගාවලියක ඉනිම හතරකදී ලකුණු 10 ක් ලබා ගන්න මට බැරි වුණා. ජාත්‍යන්තර තරගාවලියක් අතළඟ තිබුණා, රංජිත් පණ්ඩිතගේ මහතා මට හමුවූ අවස්ථාවේදී ඇහුවා ලයනල් මෙන්ඩිස් සර් ළඟට ගියේ නැද්ද කියලා. මම කිව්වා මට යන්න ලැබුණේ නෑ කියලා.
ප‍්‍රධාන පුහුණුකරුවෝ මගේ දිහා බැලූවා කිසිම වරදක් නෑ කිව්වා. එදා රාත‍්‍රී මම සර්ට දුරකථයෙන් කථා කරලා ඇහුවා සර් මගේ පිතිහරඹයේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා මාව පොඞ්ඩක් බලන්න පුළුවන්ද කියලා.
මට කිව්වා සුදු ඇදගෙන උදේම එන්න කියලා. ඊළගට කිව්වා ‘ඉන්ක්ලූඩින් යුවර් අන්ඩර්වෙයා’ කියලා. මම එන්.සී.සී. ක්‍රීඩාගණයට ගිහිල්ලා පන්දු හයකට පමණ මුහුණ දෙන විට මගෙන් ඇහුවා ‘බෝලේ බැට් එකේ වදිනකන් බලනවද?’ කියාලා.
මම ඒ වෙනකොටත් ශී‍්‍ර ලංක කණ්ඩායම නියෝජනය කරලා තිබුණා. අවුරුදු ගානක් ක්‍රීඩා කරලා හිටපු කෙනක්ට ඒක විහළුවක් බවට පත්වුණා. පන්දුව බලන්නේ නැතුව කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා.... හැබැයි එවලේ මට තේරුණා පන්දුව පිත්තට එනකන් හරියට බලන්නේ නෑ කියලා. මට ව්‍යායාම වගයක් දුන්නා.
ඊට පසුව සිවුදින තරගයේ පළමු ඉනිමේ මට මතක විදියට ලකුණු 2 කට හෝ 3 කට දැවී ගියා. මම දෙවැනි ඉනිමේදී ලකුණු 196 ක් රැස්කළා. මම පොඩි උදාහරණයක් කිවේවේ ගොඩ දෙනකුට නැති ඇසක් සර්ට තිබුණා.
ඒ වගේම මම හිතන්නේ මෙතන ඉන්න බන්දුල අයියලා, ආදි ආනන්දීන් සියලූ දෙනාම. මොනවා හරි තත්ත්වෙක ඉන්නවා නම් අපේ අම්මලා තාත්තා වගේම පාසල වගේම සර් අපිට ඒ උදව්ව දීලා තියෙනවා.
මම හිතන්නේ මම දීර්ඝව කථා කිරීම අවශ්‍ය වුවත් කථා කිරීම ටිකක් අමාරුයි.
මේ ආනන්දෙ අද ඉන්න පුතාලට හුගක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
විශේෂයෙන් මම දැකපු දෙයක් තමයි ක්‍රීඩා ව ක්‍රීඩා වක් හැකියට ක්‍රීඩා කරන්න ඉගැන්නුවේ ලයනල් මෙන්ඩිස් සර්.
විනය ගැන ලොකු අවධානයක් යොමු කළා. මුදල කියන එක හැම වෙලේම පස්සේ තිබුණේ. මම ඒකයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ව ගැන ලොකු බයකින් ඉන්නේ, ඒකට විශාල ප‍්‍රශ්න වෙලා තියෙන්නේ ක‍්‍රීඩකයොද, පුහුණුකරුවොද මුදල ඉස්සරහට කරලා ක්‍රීඩා ව පස්සට කරලා. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න මම දන්නෑ අපිට කරන්න පුළුවන් වෙයිද කියලා.
හැබැයි සර් යටතේ ඉගෙන ගත්තු අපි සියලූ දෙනාටම ලොකු වාසනාවක් ලැබුණා සර් හැම වෙලාවෙම ක්‍රිකට් ක්‍රීඩා ව ඉස්සරහට තියලා, විනය ඉස්සරහට තියලා ඒ සියලූම දේ අපිට ඉගැනුන්වේ අපිව මිනිස්සු කරන්න.
අද ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාත්‍යන්තර ක‍්‍රීඩකයො විතරක් නොවෙයි අපේ ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කළ ප‍්‍රධානීන් ඉන්නවා. අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ඉන්නවා. ඒ විතරක් නොවෙයි පෞද්ගලික ආයතනවල විශේෂ මෙහෙවරක් කරන ප‍්‍රධානීන් ඉන්නවා. සියලූ දෙනාම ඔබතුමා යටතේ ක්‍රීඩා වද, එසේත් නැත්නම් ඉගෙනීම ද කළ අය.
මේ අවස්ථාව සියලූ දෙනාම වෙනුවෙන්. අපි අද තැනක ඉන්නවා නම් ඒකට ප‍්‍රධාන සහයෝගය දීම ගැන. ඒ විතරක් නොවයි අපේ සහෝදර ක‍්‍රීඩකයෝ සියලූ දෙනාම සන්තෝෂය ඔබතුමාට පුද කරන ගමන්. අපි හැම දන්න දෙයක් තමයි ‘කරන දේ හරියට කරන්න, කියන දේ බය නැතුව කියන්න, ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න එපා’ කියන වදන තවමත් අපේ ඔලූවේ තියෙනවා.
අර්ජුන රණතුංග එහිදී තම කතාව අවසන් කළේ මෙවැනි ප්‍රකාශයකින්.
"අපි සැම දෙනාටම කරන ලද සේවයට අපිට කියන්න තියෙන්නේ ඔබතුමට පිං”
ලයනල් මෙන්ඩිස් ගුරුතුමාණන් යන්න ගියේ ඒ පිනත් රැගෙන බව අපි කාගේත් විශ්වාසයයි.
Related