ප්ලුටෝ ග්‍රහයාගේ පළමු වර්ණ ඡායාරුපය මෙන්න
ප්ලූටෝ ග්‍රහයාගේ වර්ණ ඡායාරූපයක් පෘථිවියට එවා තිබෙනවා. ඒ ප්ලූටෝ ග්‍රහයා වෙත යවනු ලැබූ නිව් හොරයිසන් යානයෙන්. මෙම යානය මගින් මීට පෙර ප්ලූටෝ ...

https://www.sathhanda.com/2015/10/pluto-first-color-photo.html
ප්ලූටෝ ග්‍රහයාගේ වර්ණ ඡායාරූපයක් පෘථිවියට එවා තිබෙනවා. ඒ ප්ලූටෝ ග්‍රහයා වෙත යවනු ලැබූ නිව් හොරයිසන් යානයෙන්. මෙම යානය මගින් මීට පෙර ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප රැසක් පෘථිවියට එවා තිබුණා. එහෙත් වර්ණ ඡායාරූපයක් එවනු ලැබූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්ලූටෝ ග්‍රරහලෝකය වටා පිහිටි නිල් පැහැයෙන් දිස්වන සියුම් මීදුම් පටලයක් එම ඡායාරූපයෙන් දිස් වනවා. ඒ සම්බන්ධයෙන් සහ මේ දක්වා ලැබී ඇති සියලූ දත්ත පරීක්ෂා කිරීමේ කටයුතු විද්‍යාඥයින් විසින් දැනටමත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හොරයිසන් යානය මේ වන විට ප්ලූටෝ ග්‍රහලෝකයෙන් ඈතට ඇදෙමින් තිබෙනවා. පෘථිවියේ සිට හොරයිසන් යානයට දැන් ඇති දුර කිලෝමීටර් බිලියන 5ක්.
Related