පහ වසර ශිෂ්‍යත්ව හපනුන්ට විදුලිබල ඇමතිගෙන් ත්‍යාග සහ උපහාර

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථානය ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත්වු, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට විදුලිබල හා පුනර...

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථානය ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත්වු, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය විසින් බහු මාධ්‍ය පරිගණක සහ පාසල් උපකරණ කට්ටලය බැගින් පිරිනමන ලදී.

මෙහිදී අරණායක උස්සාපිටිය, ශ්‍රී  සුමංගල කණිෂ්ඨ විද්‍යාලයේ මෙලනි විජේසිංහ ශිෂ්‍යයාවට සහ මල්කඩුව, මාකුර ප්‍රාථමික විද්‍යාලයේ කවිෂ්ක වනිගසේකර ශිෂ්‍යයාට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ත්‍යාග පිරිනමන ලදී.


ඡායාරූපයෙන් දැක්වෙන්නේ අරණායක උස්සාපිටිය, ශ්‍රී සුමංගල කණිෂ්ඨ විද්‍යාලයේ මෙලනි විජේසිංහ ශිෂ්‍යයාව, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතින් ත්‍යාග ලබාගත් අයුරු වේ. මෙලනි විජේසිංහ ශිෂ්‍යයාවගේ දෙමව්පියන්ද ඡායාරූපයේ දැක්වේ.



ඡායාරූපයේ දැක්වෙන්නේ මල්කඩුව, මාකුර ප්‍රාථමික විද්‍යාලයේ කවිෂ්ක වනිගසේකර ශිෂ්‍යයා අමාත්‍යවරයා අතින් ත්‍යාග ලබාගත් අයුරු වේ. සබරගමුව පළාත්සභා මන්ත‍්‍රී ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය ද ඡායාරූපයේ දැක්වේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5406123984422201898

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item