රනිල් බලය පෙන්වා ටෙලෙකොම් අධ්‍යක්ෂ තනතුරින් වැගපිටිය නෙරපන්න යයි - වැගපිටිය ජනපතිගේ මිනිහෙක් ජනපති සොයුරු කියයි
ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන ලාෆ් ගෑස් අධිපති වැගපිටිය මහතාව වහාම ඉන් ඉවත් කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ...

https://www.sathhanda.com/2015/10/w-h-k-wegapitiya.html
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවත් ව්‍යාපාරිකයකු වන ඩබ්. කේ. එච්. වෑගපිටිය ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබුවේ පසුගිය දින සීයයේ ආණ්ඩු කාලයේදීය. එමෙන්ම ටෙලෙකොම් සමාගමේ සභාපති වන්නේත් ජනාධිපතිගේ සොහොයුරා වේ.
කෙසේ නමුත් ටෙලිකොම් සභාපති ජනාධිපති සොහොයුරූ කුමාරසිංහ සිරිසේන විසින් වෑගපිටියව ඉවත් කිරීම කළ නොහැකි බව අගමැතිවරයාට දන්වා ඇත. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටෙලෙකොම් සමාගමේ වැඩිම දෙවෙනි කොටස් හිමි මැක්සීස් සමාගමටද දැනුම් දී තිබෙන්නේ කෙසේ හෝ වැගපිටිය ඉවත්කළ යුතු බවය.
කෙසේවෙතත් මේ වනතුරු තීරණයක් ගෙන නොමැති අතර මෙය විසඳා ගැනීමට අගමැති සහ ජනාධිපතිට භාරදී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ටෙලිකොම් සභාපති ජනාධිපති සොහොයුරූ කුමාරසිංහ සිරිසේන සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්නය මේ සභාග ආණ්ඩුව කදවටීමටද හේතු විය හැකි බවය.

Related