ජීනීවා වෙනුවට නිව්යෝක් ගොස් රට බේරාගෙන ආ වීරයා එනවා
"අපිට තොරතුරු ලැබුනා ජනාධිපති සිරිස්න මැතිතුමන් ලංකාවට එනකොට රට බේරාගත් ජනපති විදිහට එතුමන්ව පිළිගැනීමට වැඩපිළිවෙලක් යොදමින් ඉන්නව ක...

https://www.sathhanda.com/2015/10/udaya-prabhath-gammanpila_1.html
"අපිට තොරතුරු ලැබුනා ජනාධිපති සිරිස්න මැතිතුමන් ලංකාවට එනකොට රට බේරාගත් ජනපති විදිහට එතුමන්ව පිළිගැනීමට වැඩපිළිවෙලක් යොදමින් ඉන්නව කියල. මානව හිමිකම් යෝජනාව සම්මත වෙන්නේ ජිනීවා වල. තාමත් යෝජනාව සකස්වෙලා ඉවරත්නෑ. සම්මත වෙලා ඉවරත් නෑ. සිරිසේන මහත්තය ගියේ ජිනීවා නෙවෙයි. නිව්යෝක්. පාර වැරදිලත් නොවෙයි. නිව්යෝක් වල තියෙනව එක්සත් ජාතීන්ගේ වාර්ශික සැසිවාරය. ජීනීවා වල සටන තියෙන්නෙ. නිව්යෝක් ගිය එක්කෙනා ලංකාවට එද්දි පිලිගන්න යනව රට බේරාගත් වීරයා කියල." උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ අද(01) පැවැති මාධ්‍ය හමුවේ දීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු,
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු,
ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහකත්වයෙන් ඇමරිකාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවෙ අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා. එම අවස්ථාව අද දක්වා කල් දමා තිබෙනවා. නමුත් අපිට තියෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තම ස්වාධිපත්‍යය පාවාදෙමින් සිටියදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය රැකෙන අයුරින් ඒ යෝජනාව සංශෝධනය කිරීමට මැදිහත් වෙමින් සිටින බවයි අපට දැනගන්න තියෙන්නෙ.
ඉන්දියාව මෙය ලෝකයට ඇතිකෙරෙන නරක පූර්වාදර්ශයක් විදිහටයි දකින්නේ. නමුත් ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ලංකාව සම්බන්ධයෙන් ගෙනෙන යෝජනාවකදි වෙනත් කිසිම රටකට විරුද්ධ වීමේ හැකියාවක් නෑ. සියතින් ගෙල සිදගන්නට ලංකාව තීරනය කලාම ලංකාව බේරගන්න කවුරුවත් එන්නෙ නෑ.
කොහොම නමුත් මේ යෝජනාවෙ 16 වෙනි ඡේදයේ එහි ඇමරිකානු සෑම යෝජනාවකම තියෙන මහ පොදු සාධකය මෙම ඡේදයේත් අඩංගු වෙනව. 2012 සිටම ඇමරිකාව ලංකාව සම්බන්ධයෙන් ගෙනා යෝජනාවල අන්තර්ගත වෙච්ච ප්‍රධාන කාරනය තමයි යුධ අපරාධ චෝදනා සහ බලය බෙදීම කියන කාරනා දෙක එකිනෙකට ගැට ගැසීම. මේ යෝජනාවෙත් 16 වෙනි වගන්තියෙ එය ඒකාරයටම සිදුවෙලා තියෙනව.
මොකක්ද මේ 16 වෙනි වගන්තියෙන් කියන්නෙ. දේශපාලණික වශයෙන් බලය බෙදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ යුතුබව 16 වෙනි වගන්තියෙන් කියනව. මානව හිමිකම් රැකීමට ජ්‍යාත්‍යාන්තර සම්මුතීන් හරහා ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ප්‍රජාවට බැදී ඉන්නව. ඒවගේම ශ්‍රී ලංකාව යුධ අපරාධ නොකර සිටීමට ජ්‍යාත්‍යන්තර මානුශීය නීතිය හරහා ජ්‍යාත්‍යාන්තර ප්‍රජාවට බැදී ඉන්නව. හැබැයි ශ්‍රී ලංකාව බලය බෙදීමට ක්‍රිසිම ජ්‍යාත්‍යන්තර සම්මුතියකින් බැදී නෑ. ඒ නිසාම ඇමරිකා එක්සත් ජනපදයට ලංකාව දේශපාලණික විසදුමක් ලෙස බලය බෙදිය යුතුයැයි යෝජනාවක් ගෙන ඒමට හෝ ජ්‍යාත්‍යන්තර ප්‍රජාවක් ඉදිරියේ සම්මත කිරීමට අයිතියක් නෑ.
එහෙමනම් ඇයි ඇමරිකාව යෝජනා නොකරන්නේ ප්‍රභල ඒකීය රාජ්‍යයන් වන නෝර්වේ ජපානය ප්‍රංශය වැනි රාජ්‍ය බලය බෙදිය යුතුයි කියල. මේ කිසිම රටටකට බලය බෙදිය යුතුයැයි යෝජනා නොකර ඒ පිලිබද කිසිම ජ්‍යාත්‍යන්තර සම්මුතියක් නැතිව ඇයි මේ ලංකාවට විතරක් බලය බෙදීමේ යෝජනාවක් ගේන්නෙ.
මෙහි යටි අරමුනක් තියෙනව. අද අපි හෙළි කරන්න හදන්නේ අන්න ඒ අරමුනයි. යුධ අපරාධ සහ බලය බෙදීම එකට ගැට ගැසීමෙන් අපේ රණවිරුවන් බලය බෙදීමේ ව්‍යාපෘතියේ සේල්ස් රෙප්ලා බවට පත්කිරීම. කොහොමද ඒක කරගන්නෙ. ශ්‍රී ලංකාවෙ පිහිටුවන යුධ අපරාධ අධිකරණයේ රණවිරුවන්ට එරෙහිව නඩු අසමින් රණවිරුවන් එකිනෙකා වැරදිකරුවන් බවට පත්කර ගැනීමේ ක්‍රියා වලිය ඉදිරියට අරන් යමින් නිස්චිත මොහොතකදී යෝජනා කරනව අතර මැදි විසදුමකට එන්න. මේ ගොල්ලො කියනව අතීතය අපිට පුලුවන් අමකත කරන්න. ගියදේ ගියාවේ . අපිට පුලුවන් මේ යුධ අපරාධ පරීක්ෂන අතරමග නතර කරන්න. ඒ සදහා දෙමළ ජනතාව බාරගන්නා දේශපාලන විසදුම ෆෙඩරල් විසදුසම මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න ලෑස්තිනම්.
දැන් මොකක්ද වෙන්නෙ. ඊට පස්සෙ අපේ රණවිරුවන් එනව අපේ මාධ්‍ය ඉදිරියට. මෙතෙක් කල් අපි කිවිවෙ රණවිරුවන් දිනාදුන් දේ පාවාදෙන්න එපා ෆෙඩරල් විසදුමකින් කියල. දැන් සිදුකරන්න හදන්නේ රණවිරුව මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනව අපි අතපය පූජකලේ ඔබ රැකගන්නයි. දැන් ෆෙඩරල් විසදුම බාර අරගෙන ඔබ අපව රැකගන්න. රණවිරුව්න්ගෙ දරුවන් මාධ්‍ය ඉදිරියේ හඩා වැටෙමින් ඉල්ලාසිටිනව අපේ තාත්ත සටන් කලේ ඔබ වෙනුවෙන්. අපේ තාත්තගෙ ජීවිතය බේරගන්න ෆෙඩරල් විසදුම භාරගන්න කියල. එතකොට මෙකෙත් කල් බුද්ධිමය සංවාදයක් වෙලා තිබුනු බලය බෙදීමේ ක්‍රියාවලිය හැරගීම්බර සංවාදයකට මාරු වෙනව.
මෙතෙක් කල් බලය බෙදීමේ ක්‍රියාවලිය හරහා රට අස්ථාවර කිරීමට වෑයම් කල බලවේග අපිට පුලුවන් උනා දේශද්‍රෝහීන් ලෙස හදුන්වන්න. නමුත් රට වෙනුවෙන් සටන් කල රට වෙනුවෙන් අත් පා පූජා කළ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් බලය බෙදීම ගැන කථාකරද්දි කාටවත් පුලුවන් වෙන්නෙ නෑ ඔවුන්ට දේශද්‍රෝහීන් ලෙස ඇගිල්ල දිගුකරන්න.
ඒ නිසා බලය බේදීමේ ක්‍රියාවලිය දේශද්‍රෝහි බලය බේදීමේ ක්‍රියාවලිය තවත් විදියට ඉදිරියට ගෙන යාමේ රණවිරුවන් භාවිතා කිරීම පුර්ව කොන්දේසිය විදියට යුද අපරාධ චෝදනාව සමගින් යුධ අපරාධ අධිකරණ පිහිටු වීමේ යොජනාව අද ජාත්‍යන්තරයේ සම්මත කරන්නේ කියලා අපි ජාතියට අනතුරු අගවනවා. රණවිරුවා මේ උගුලේ වැටෙන එක වලක්වා ගන්නයි අපි වගකිමෙන් නිදහස් කිරීමේ පනත ගෙන එන්නේ. සමහරු කියනවා මේ මිනිමරුවන් බේරා ගන්න ගෙන පනතක් කියලා. වගකිමෙන් නිදහස් කිරීමේ පනත බටහිර රව වල සම්මත කරලා තියෙනවා. ලංකාව විට කලින් තුන් වාතාවක් සම්මත කරලා තියෙනවා. 1915,1982,1988 මීනිමරුවන් රුක ගන්න නෙවෙයි. ස්ත්‍රී දුෂකයන් රුක ගන්න නෙවෙයි. මං කොල්ලකරුවන් රුක ගන්න නෙවෙයි. මේ සියල්ලටම රණවිරුවෙක් සම්බන්ද වුවත් ඒ සියල්ල මග හරිමින් යුදමය ක්‍රියාවල යෙදුණු රණවිරුවන් රුක ගන්නයි මේක ගෙන්නේ මේ හරහා රණවිරුවා බලය බේදීමේ ව්‍යාපෘතියේ සෙල්ස් රෙප්ලා කර ගැනිමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාද කරන්න අපිට හැකි වෙනවා.
ජීනීවා වෙනුවට නිව්යෝක් ගොස් රට බේරාගෙන ආ වීරයා
ඒ වගේම අද ජනතාව ජනතාව නොමග යවමින් ඉන්නව එක්සත් ජාතීන්ගේ මාණව හිමිකම් මන්ඩලය තුල සිදුවෙන දෙය ගැන. අපිට තොරතුරු ලැබුනා ජනාධිපති සිරිස්න මැතිතුමන් ලංකාවට එනකොට රට බේරාගත් ජනපති විදිහට එතුමන්ව පිළිගැනීමට වැඩපිළිවෙලක් යොදමින් ඉන්නව කියල. මානව හිමිකම් යෝජනාව සම්මත වෙන්නේ ජිනීවා වල. තාමත් යෝජනාව සකස්වෙලා ඉවරත්නෑ. සම්මත වෙලා ඉවරත් නෑ. සිරිසේන මහත්තය ගියේ ජිනීවා නෙවෙයි. නිව්යෝක්. පාර වැරදිලත් නොවෙයි. නිව්යෝක් වල තියෙනව එක්සත් ජාතීන්ගේ වාර්ශික සැසිවාරය. ජීනීවා වල සටන තියෙන්නෙ. නිව්යෝක් ගිය එක්කෙනා ලංකාවට එද්දි පිලිගන්න යනව රට බේරාගත් වීරයා කියල.
අද මේ ආණ්ඩුව එක පැත්තකින් මේ රට පාවාදෙමින් පාවාදීමට රරෙහිව නැගෙන ජනමතය යටපත්කරන්න ජනතාව නොමග යවන්න ඒ මහා පාවාදීම ජයග්‍රහනයක් විදිහට ජාතියේ සුරක්ශිත බාවය තහවුරු කිරීමක් විදිහට හුවා දැක්වීමට උත්සහ කරමින් ඉන්නවා. මාධ්‍ය සන්දර්ශන ඒ වෙනුවෙන් පැවැත්වෙනවා.
ඉංග්‍රීසි කියමනක් තියෙනව You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time. තමුන්නාසේලාට මතක ඇති වත්මන් අගමැති තුමන් 2002 පෙබරවාරි 22 වෙනිද කොටි සමග සටන් විරාම ගිවිසුම අත්සන් කරද්දි මහා උත්සව ශ්‍රීයක් තිබුන. රටට සාමය උදාවුනා කිව්ව. රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට නොබෙල් තෑග්ග ලැබෙනව සහතිකයි. වේලුපිල්ලේ පිරභාහරන් සහ රනිල් වික්‍රමසිංහ නොබෙල් ත්‍යගය සමසේ බෙදා ගන්නා ආකාරය ගැනයි මත පලවුනේ. මාධ්‍ය කිහිපයිය මේක පාවාදීමක් රට විනාශ කිරීමක් විදිහට දැක්කෙ.
හැබැයි පහුවෙනකොට ජනතාවටත් මේ මහා පාවාදීම තේරිල අවුරුදු 6කට ආපු රනිල් වික්‍රමසිංහ මහතාගෙ ආණ්ඩුව දෙවසරකින් ගෙදර යැව්ව. ඒ නිසා අර ඉංග්‍රීසි කියමන වගේම මේ රැවටිලි තාව කාලිකයි. හැමදාටම හැම දෙනවම රවටන්න කාටවත් පුලුවන් වෙන්නෙ නෑ. මොනතරම් මාධ්‍ය සංදර්ශන පෙන්වමින් මේ මහා පාවාදීම ජයග්‍රහනයක් ලෙස හුවා දක්වන්න උත්සහ කලත් ඒ තිබිර පට ඉරා දමමින් මේ ආණ්ඩුවේ නිරුවත පෙන්වන්න අපි සෑම විටම කටයුතුකරනව.
විජිතට එරෙහිව උදය අධිකරණයට
ඊළගට තමුන්නාසේලාගේ අවදානය යොමු කරන්න ඕනේ ඊයේ දිනයේ කථානායක වෙත මම යැවු ලිපියක් තමුන්නාසේලාට ලැබිලා ඇති. ඒ ලිපියෙක් අපේ කථා නායකතුමාගෙන් ප්‍රශ්න කරනවා විජිත හේරත් මන්ත්‍රීතුමාව සෙසු පක්ෂ නියෝජිතයා ලෙස ව්‍යවාස්ථාදායක සභාවට පත් කිරීමෙ පදනම මොකක්ද කියලා. ඇයි අපි ඒ ප්‍රශ්න කිරීම කරන්නේ 19 වන සංශෝදනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ. ඊ. වගන්තිය තියෙන්නේ මෙන්න මෙහෙමයි අග්‍රමාත්‍යවරයා සහ විරුද්ද පක්ෂයේ නායකයා අයත් දේශපාලන පක්ෂ හො ස්වාධීන කණ්ඩායම් හො නොවන පාර්ලිමේන්තුවේ නියොජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල පර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකගත්වය මත නාම යොජනා කර ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
මෙහි තිනෙවා වැදගත් කාරණා 3ක්
පළමු කාරණය තමයි මේ මන්ත්‍රීවරයා පත් කිරීමේ දී අගමැතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය ඉවත් කරන්න ඕනේ. විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂය ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඉවත් කරනවා. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු ඉවත් කරනවා. සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ කැමැත්ත එහෙනම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණ, ඊ.පී.ඩී.පී, මුස්ලිම් කොම්රසය කියන පක්ෂ හතරෙන් මන්ත්‍රීවරුන් යම් තැනකට රුස්වෙලා සියළු දෙනාම එකග නම් විජිත හේරත් මන්ත්‍රීතුමා පත් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ එතුමව පත් කරන්න පුළුවන්.
නම් එකකට වඩා යොජනා වෙනවා නම් මෙතන බහුතරයේ කැමැත්ත විමසන්න ඡන්දයක් තියන්න ඕනේ. එහෙම නාම යෝජනා කරන කෙනාවයි ජනාධීපතිතුමා විසින් පත් කල යුතු වෙන්නේ. එතකොට ජනාධිපතිතුමා ඕනේ මේ පත්වීම කරන්න. කවුරුවත් අගමැතිගේ හා විපක්ෂ නායකගේ පක්ෂ දෙකට අදාල නැති අයගේ රුස්වීමක් තිබ්බේ නෑ. එක සද්සුදක් සේ මම දන්නේ එවැනි රුස්වීමක් තිබ්බා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු වන මා කැදවිය යුතුව තිබුණා. මාව කැදවලත් නෑ. මම මන්ත්‍රීවරු විශාල පිරිසකගෙන් ඇහැවු ඔබව කැදෙවුව්වද කියලා. අපිව කැදෙව්වෙත් නෑ අපේ නියෝජිතයා විජිත හේරත් මන්ත්‍රීතුමාය කියලා මම දැන ගත්තෙත් මාධ්‍යන්ය කියලා මට කියුවා.
අපේ ඡන්දයෙන් පත්විය යුතු නියොජිතයා කවුදැයි කියලා අපි දැන ගන්නේ මධ්‍යයෙන් නම් මේක ප්‍රජාත්‍රන්ත්‍රවාදයද? මේක යහපාලනයද? ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පත් කරලා ඉන්න විජිත හේරත් මන්ත්‍රීතුමා වෙනුවට ව්‍යවස්ථානුකුලව ප්‍රජාත්‍රන්ත්‍රවාදය යහපාලනය සැබැවින් ක්‍රියාත්මක කරමින් නියෝජිතයකු පත් කල යුතුය. නැත්නම් අපි විජිත හේරත් මන්ත්‍රීතුමාගේ පත්වීම අහොසි කරන්නයි ඉල්ලමින් අධිකරණය ඉදිරියට යන්න වෙනවා කියලා අපි ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, කථානායකතුමාටත් සිහිපත් කරන්න කැමතියි.
රාජිත ඇමතිතුමන්ගේ මිල ඉහල දැමිමේ සූත්‍රය
ඊයේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා සෞඛ්‍යට හොද නැති නිසා පොල් තෙල්, ලුණු සහ සිනි මිල ඉහල නැංවිමට ආණ්ඩුව කටයුතු කලා කියලා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා වන රාජිත ඇමතිතුමා කියලා තිබුණා. රාජිත සේනාරත්ත ඇමතිතුමනි අපිට දැන් බයයි ඊළගට සැම භාණ්ඩකම මිල ඉහල යවමින් සෞඛ්‍ය හේතු දක්වන්න පුළුවන්. තව ටික දවසකින් පිටි මිල ඉහල යවනවා තරබාරුකම ප්‍රශ්නයක්ය කියලා. දියවැඩියාවටද ප්‍රශ්නයක් කියලා. තව ටික කාලෙකින් කියයි ජලයට බද්දක් අය කරන්න ඕනේ ජලය පානය වැඩිකිරිමෙන් නිතර මුත්‍ර කිරීමට සිදු වෙනවා ඒ නිසා ගමන් බිමන් යන අතර තුරත් නගරය අපිරිසිදු කරමින් මෙය සිදු කරනවාය ඒ නිසා ජල බද්දක් පනවා මුත්‍ර කිරීම පාලනය කල යුතුය කියලා. මේවැනි දීනකතා අපේ ඇමතිතුමන්ලා අනාගතයේ දී තව තවත් කියන්න පුළුවන්.
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ගරු රාජිත සේනාරත්ත ඇමතිතුමනි භාණ්ඩ මිල වැඩි කෙරුවේ ජනතාවගේ සෞඛ්‍ය රුක ගන්න නෙවෙයි. එහෙනම් රුක ගත යුතු භාණ්ඩ ගොඩක් තියෙනවා. එහෙනම් දුම්වැටි තහනම් කරන්න පුළුවන්නේ.
ඇත්ත කතාන්දරය තමයි භාණ්ඩ මිල නිරන්තරයෙන් වැඩිවෙන්නේ ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය පිරිහෙන නිසාය. අපි මේ ආණ්ඩුවට භාර දෙද්දී ජනවාරී 08 වන දා රුපියල් 134ට තිබුණු ඩොලරය ඊයේ වෙන විට රැපියල් 143.41යි. මේ වසර අග වන විට රැපියල් 150 පසු කරවී කියලා ආර්ථික විද්‍යයින් අනතුරු අගවනවා. ආණ්ඩුව මේ රටේ මහ බැංකුවක් තියෙන්නේ ප්‍රධාන වශයෙන් කාරනා 03කට
01 පොලි අනුපාතයේ ස්ථාවර භාවය රුක ගන්න
02 උද්දමනයේ ස්ථාවර භාවය රුක ගන්න
03 විනිමය අනුපාතය ස්ථාවර භාවය රුක ගන්න
මේ තුන කර ගන්න බැරි නම් මහ බැංකුවක් කුමකට ද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා. ඒ වගේම මම අහගෙනයි ආණ්ඩුවේ ඇමතිකෙනෙක් කියනවා තමන්ගේ දන්නාකම ප්‍රදර්ශනය කරන්න ගොස් නොදන්නා කම ප්‍රදර්ශනය කරමින් ඩොලරය පිරිහෙන එක හොදයි එතකොට අපනයන ආදායම ඉහල යනවා කියලා. මට ඒ ඇමතිතුමාගෙන් අහන්න තියෙනවා චූටී ප්‍රශ්නයක්. ඩොලරය පිරිහිම නිසා අපට එන ආදායම ඉහල යනවා නම්, පහුගිය කාලේ ලංකාවේ එහෙම වුනේ නැත්තේ ඇයි? 1977 දී රුපියල පාවෙන්න ඉඩ හරිද්දී ඩොලරයට අපි ගෙයුවේ රුපියල් 8යි. ඒ කාලේ අපේ අපනයන ආදායමයි ආනයන වියදමයි සමානයි. දැන් රුපියල එදා රුපියල් 8ට තිබුණ එක දැන් රුපියල් 143යි. ඒ කියන්නේ දැවැන්ත විදියට මහා පරිමාවෙන් පිරිහිලා. ඇත්තනේම 18 ගුණයකින් විතර පිරිහිලා. එහෙමනම් 18 ගුණයකින් අපනයන ආදායම වැඩි වෙලා තියෙන්න ඕනේ. හැබැයි අපනයන ආදායම වැඩිවෙන වේගයට වඩා ආනයන වියදම වැඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට එදා එක මට්ටමේ තිබ්බ අපනයන ආනයන අද අපනයන මෙන් දෙගුණයක් බවට ආනයන පත් වෙලා. දැන් අජිති පී පෙරේරා ඇමතිතුමාගේ තර්කය හරි නම් මේ වන විට අපනයන ආනයන මෙන් 18 ගුණයක් වැඩි වෙලා තියෙන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට වෙලා තියෙන්නේ අපනයන වගේ දෙගුණයක් වෙලා ආනයන. ඒ නිසා රුපියලේ අගය පිරිහිමෙන් අපනයන ආදායම වැඩිවෙනවා කියන එක ලංකාව වගේ රටකට ආදාල නෑ. අපි ප්‍රථමික භාණ්ඩ අපනයනය කරමින් අත්අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන රටක්. අත්අවශ්‍ය භාණ්ඩ අපනයනය කරන රටකට නම් මේ න්‍යාය ආදාලයි. මේ න්‍යාය ලංකාවට ආදාල නෑ. නමුත් කොහෙන් හරි අහුල ගෙන එතුමා ප්‍රකාශ කලා. එක වැරදියි කියලා ඔප්පු වෙන්නේ පසුගිය වසර 77 සිට අපිට ආනයන අපනයන අතර නැති පරතරයක් අද ඇති වෙලා තියෙන නිසායි. ඒ නිසා ඔරුව පෙරලුන පිට හොදයි කියනවා වෙනුවට මේ ආර්ථික අර්බුදය පිළිඅරගෙන රට විනාශ නොකර කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න කියන්න කල් වැඩි වුනත් මේ ආණ්ඩුට අපිට කියන්න සිද්ද වෙනවා. තම ආණ්ඩුව ඉන්නේ තමන්ගේ ආයු කාලයේ 42 වෙනි දිනයේ.
Related