ලංකාවේ කාන්තාවන් 18,17,000 පිරිමින්ට වඩා වැඩියි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.  මෙරට ජනගහනයෙන් සියයට 46ක් එ...

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. 

මෙරට ජනගහනයෙන් සියයට 46ක් එනම් 10,445,000ක් පිරිමි වන අතර සියයට 54 ක් 1,22,62,000 ක් කාන්තාවන් වෙනවා. මේ අනුව සෑම කාන්තාවන් සත් දෙනකුගෙන් එක් අයකුට පිරිමියෙක් නැති බවද පැවසෙනවා.

කෙසේවෙතත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි ඒ පිළිබඳව අධ්‍යනය කෙරූ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම නිසා පුරුෂ ගහනයට වඩා ස්ත්‍රී ගහනය වැඩිවී ඇති බවත් මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, ආහාර අවභාවිතය වැනි හේතු නිසා මෙන්ම හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග හේතුවෙන් පුරුෂයන්ගේ ආයු කාලය අඩුවීමද එවැනි තත්ත්වයන්ට මුහුණදීමට කාන්තාවන්ට ඇති ඉඩ ප්‍රස්තාව අඩුවීම නිසා ඔවුන්ගේ ආයු කාලය පුරුෂයන් ඉක්මවා යෑමත් කාන්තා ගහනය වැඩිවීමට හේතු වී ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.

පිරිමි ගහනය අඩුවී ස්ත්‍රී ගහනය සියයට 8 කින් ඉහළ යෑම නිසා විවාහ වීම, රැකියා ලබා ගැනීම, පවුල් ආරවුල්, මානසික ආබාධ ඇතුළු ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී ඇති බවද එම ආයතනය කියයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8140482710552673608

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item