නුපුහුණු ගෘහ සේවිකාවන් ලෙස අපේ රටේ කාන්තාවන් මැද පෙරදිග යාම පිළිබදව මහා සංවාදයක් ගොඩනැගිය යුතුයි
"නුපුහුණු ගෘහ සේවය සදහා අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග යැවීම පිළිබදව මේ වකවානුව මීට වඩා එහා ගිය පියවරකට යා යුතු යැයි විදුලිබල හා පුනර්ජ...

https://www.sathhanda.com/2015/12/blog-post_16.html
"නුපුහුණු ගෘහ සේවය සදහා අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග යැවීම පිළිබදව මේ වකවානුව මීට වඩා එහා ගිය පියවරකට යා යුතු යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (06) පෙරවරුවේ පදනම් ආයතනයේ පැවති ලංකා විදුලි පුද්ගලික සමාගමේ දීර්ඝ සේවා තිළිණ ප්‍රදානයට එක් වෙමිනි.
ආතනයක ප්‍රගතිය වෙනුවෙන් සේවක තෘප්තිමත්භාවය, ඔවුන්ගේ සේවය අගැයීම ඉතාමත් වැදගත්. අද මේ සිද්ධවෙන්නේ ඒ දේ තමයි වසර 25 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක පිරිස් රනින් අගයන්න අද ලෙකෝ ආයතනය කටයුතු කරනවා. ඒ වගේම සේවක පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇගයීමටත් ලෙකෝ ආයතනය පියවර ගෙන තිබෙනවා. ජනතාව බලාපෙරොත්තු වෙන්නේ කාර්යක්ෂම සේවාවක් සමගම කවදද අපේ බිල අවම වෙන්නේ කියලා දැනගන්නයි. ඒ සදහා අපි දැවැන්ත ව්‍යායාමයක යෙදෙනවා. මේ මහා යටිතල පහසුකම අවම මිලක් යටතේ ලබාදෙන්න ඒ සදහා ලෙකෝ ආයතනයෙන් විශේෂ පිටිවහලක් ලැබේවි. ඒ වෙනුවෙන් අපි ලෙකෝ ආයතනයට ස්තුතිවන්ත වෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
Related