වවුචර් වැඩේට ලබන වසරේදී අපි නෑ - වෘත්තීය සමිති
පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් බෙදාදීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවන නිසා ලබන වසරේදී එයට සම්බන්ධ නොවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිත...

https://www.sathhanda.com/2015/12/blog-post_41.html
පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් බෙදාදීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවන නිසා ලබන වසරේදී එයට සම්බන්ධ නොවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතු වී ඇති වියවුල්කාරී තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට අද (07) එක්වෙමින් එම වෘත්තීය සමිති මේ බව අවධාරණය කරන ලදී.
පාසල් සිසුන්ට වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ තුළ විවිධ දුෂ්කරතා සිදුව ඇති බවට පසුගිය දිනවල වාර්තාවිය.
තෙවන පාසල් වාර නිවාඩුවට පෙර එම කටයුත්ත අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබුණත් විශේෂයෙන් උතුරේ පාසල් සිසුන්ට පාසල් නිවාඩුවට පෙර එම වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අවසන් කිරීමට නොහැකි වූ බවද වාර්තා විණ.
එසේම ඇතැම් වවුචර්වල විදුහල්පතිවරයාගේ නිල මූද්‍රාව නොතැබීම නිසා එම වවුචර්වලට රෙදි ලබාදීම වෙළඳසැල් හිමියන් ප්‍රතික්ෂේප කර ඇති බවද මවුපියන් පවසා තිබුණි.
මෙම වාතාවරණය යටතේ මෙම වැඩපිළිවෙළේ යම් අක්‍රමිකතාවයක් සිදුව ඇතිදැයි සොයාගැනීම සඳහා රහස් පොලීසියට පරීක්ෂණයක් කිරීමට ඉඩදෙන බවක්ද විෂයභාර ඇමති අකිල විරාජ් කාරියවසම් පවසා තිබිණ.
පවත්නා වාතාවරණය යටතේ ගුරු - විදුහල්පති එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් අද කියා සිටියේ මෙම වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නැති නිසා ලබන වසරේදී එයට සම්බන්ධ නොවන බවයි.
Related