ජයා මාමලාගේ ගෙදර නතර වෙන්න ඇවිත් හිටිය කෙල්ලට ආසා හිතුණා - සැකකරු පොලිසියට පාපොච්චාරණය කරයි
මහියංගන, ගැමුණුපුර ඇඟලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවෙස බලා යමින් සිටි වයස 18 පසු වූ රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණියක් පසුගියදා ...

https://www.sathhanda.com/2015/12/blog-post_46.html
මහියංගන, ගැමුණුපුර ඇඟලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවෙස බලා යමින් සිටි වයස 18 පසු වූ රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණියක් පසුගියදා රිදීමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ දී දුෂණය කර ඝාතනය කළ සැකකරු ලබන 17 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහියංගන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය නියෝග කර ඇති අතර සැකකරු බන්ධනාගර නිලධාරීන්ගේ රැකවරණය යටතේ මහියංගන මුලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකරුගෙන් මේ වන විට කටඋත්තර ලබාගැනීමට පොලිසියට හැකි වී ඇති අතර සැකකරුගේ කටඋත්තරය මෙසේය "ජයා මාමලාගේ ගෙදර නතර වෙන්ඩ ඇවිත් හිටිය කෙල්ලට මට ආස හිතුණා. දවස් දෙක තුනක් මම දැක්‌කා. වැඩ ඇරිලා ගෙදර යන හැටි දවස් දෙක තුනක් මම බලාගෙන හිටියා. මම එදා හවස තිලකෙ මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙක තුනක් අරගෙන ඒ කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා. මම මීටර් ගාණක් ඈතින් දැක්‌කා ටෝච් එළියක් එනවා. කාත් එක්‌ක හරි ෙµdaන් එකෙන් කථා කර කර ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්‌සරහාට ගියා. මම හිමිහිට පිටිපස්‌සෙන් ගිහින් කෙල්ලගේ කට වහලා කැලේට ඇදගෙන ගියා. තවද කෑගහන හින්දා කැලේට අරගෙන යන ගමන් හොඳට කට වහගෙනයි අරගෙන ගියේ. සිහිය නැති වෙන්ඩ ඇති. මම දන්නේ නෑ. අන්තිමට මම බැලුවා.. බැලුවා සිහිය ආවේ නෑ.. මම එහෙමම ගෙදර ගියා. තෙමීගෙන තමයි ගෙදර ගියේ. ගිහින් කන්ඩ මොනවද තියෙන්නේ කියලා බැලුවා. මුකුත් නෑ කිව්වා.
'මාව පොලිසියෙන් හොයනවා. අපි ගෙදරින් යමු කියල මම මගේ වත්මන් බිරිඳ වන ශෂිකලාව කන්ද පැත්තට එක්‌කගෙන ගියා. කන්ද ළඟ පාලු ගෙයක් තිබ්බා. රෑ අපි පාලු ගෙදර හිටියෙ. එහෙම ඉන්නකොට ශෂිකලා මගෙන් ඇහුවා මොකද ඇඟ හැමතැනම තුවාල කියලා?" බයවෙලා වගෙයි ඇහුවේ. මම කිව්වා මගේ අතින් මිනිහෙක් මැරුණා කියලා. ඒ මිනිහා මගේ අත හැපුවා. දකුණු අතේ මැඳගිල්ලේ තිබුණු තුවාලය පෙන්නමින් මම කිව්වෙ. පහුවදා පාන්දරම මම ගෙදර ඇවිත් මගේ හැඳුනුම්පතයි, වස කැට ටිකකුයි, වතුර බෝතලයකුයි අරගෙන ආපසු කැලේට ගියා. ගෙදර කව්රුත් හිටියේ නෑ. එදා රෑවෙලා කැලේ ගුහාවක හිටියා. ඉඳලා ගමේ හේනකට ඇවිත් පැලේ තිබුණ මුට්‌ටි, භූමිතෙල්, මඤ්ඤොක්‌කා ටිකක් ගලවගෙන ආපහු කැලේට ගිහින් ගල් ගුහාවකට වෙලා මඤ්ඤොක්‌කා තම්බලා කෑවා.
උදේ බලනකොට ගමේ කලබල. ගමේ කට්‌ටිය පොලිසිය කන්ද වට කරලා. අපි කන්දෙ දිව්වා. බේරෙන්ඩ බෑ කියලා තේරුණ හින්දා 'අපි දෙන්නම වස බීලා මැරෙමු' කියලා අපි වස බිව්වා. ඊට පස්‌සේ තමයි දෙන්නම පොලිසියට අහු වුණේ යෑයි සැකකරු විසින් පාපොච්චාරණය කර ඇත.
සැකකරුගේ බාලවයස්‌කාර බිරිඳටද සැකකරු විසින් වස පෙවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහලට ඇතුළත් කරනු ලැබු අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ වන විට වාට්‌ටුවෙන් පිටව ගොස් ඇත. පොලිසිය වෙත කටඋත්තරයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ මේ වගේ අපරාධකාරයන්ට නම් ආයිත් එළියට නම් එන්න දෙන්න එපා. පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕන. මම දන්නේ නෑ ගෑණු ළමයෙක් මැරුවා කියලා. මට කිව්වේ ඇඟිල්ල හැපුව හින්දා පිරිමි කෙනෙක් මැරුවා කියලා. මිනිහෙක් මැරුවා නම් මට ඔයත් එක්‌ක ඉන්න බෑ කියලා මම ආපහු මගට ආවා. බය නිසා මම ආපහු සුරංගත් එක්‌ක ගියේ කරන්ඩ දෙයක් නැති නිසයි. මට පස්‌සෙ තමයි ආරංචි වුණේ කෙල්ලෙක් මරලා තියෙන්නේ කියලා. එයා මාවත් රැවැට්‌ටුවා. මාවත් රවට්‌ටලානේ අරගෙන ගියේ. එයා එක වරදක් නෙවෙයිනෙ කරලා තියෙන්නේ යෑයි පවසමින් කටඋත්තර ලබාදී ඇත. "මරලා තියෙන කෙල්ලගේ ෙµdටෝ එකක් මට පෙන්නන්නකෝ" යෑයි පොලිස් නිලධාරියාගෙන් ඉල්ලීමක්‌ද කර තිබේ.
Related