හර්ෂ හා බුද්ධික පැටලෙයි
විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එජාප මාතර දිස්‌ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ අතර ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී පාසල් නිල ඇඳ...

https://www.sathhanda.com/2015/12/blog-post_77.html
විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එජාප මාතර දිස්‌ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ අතර ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී පාසල් නිල ඇඳුම් වවුචර් සම්බන්ධව උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබිණි. ඇමැතිවරයා ඊට පිළිතුරු දුන් පසු පතිරණ අතුරු ප්‍රශ්නයක් ඇසීය.
බුද්ධික පතිරණ - නිල ඇඳුම්වල ප්‍රමිතිය පිළිබඳ එදා ගැටලු තිබුණා. එය වෙනස් කරන්න ගිහින් යළිත් ගැටලු මතුවෙන්න ඉඩ දිය යුතු නෑ. මොකද මේ වෙද්දී අධ්‍යාපන ඇමැතිතුමාගේ මෑණියන් සිහිපත් කරන තැනට ඒ ප්‍රශ්නය ඇතිව තිබෙනවා.
ආචාර්ය හර්ෂ ද සිල්වා - මේක ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය. ඒක විවේචනය කරන්න එපා. ඔබතුමා ආණ්‌ඩුවේ මන්ත්‍රීවරයෙක් නේද?...
බුද්ධික පතිරණ - කවුද ඔය කෑගහන්නෙ. අධ්‍යාපන ඇමැතිවරු දෙන්නෙක් ඉන්නවද... මම මේ ප්‍රශ්නය ඇසුවේ අධ්‍යාපන ඇමැතිවරයාගෙන්.
කථානායක කරු ජයසූරිය - මන්ත්‍රීතුමාට ප්‍රශ්නය අහන්න දෙන්න.
ඒ අනුව යළිත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සිය අතුරු ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් ඊට පිළිතුරු දෙන ලදී. ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ අසුනක සිටි බුද්ධික පතිරණ ඉන්පසු ඉදිරි පෙළ අසුනක සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා අසලට ගොස් යමක් ප්‍රකාශ කළේය. එහෙත් නියෝජ්‍ය ඇමැතිවරයා ඊට පිළිතුරක් සපයනු දක්‌නට නොලැබිණි.
Related