අගමැතිගේ ප්‍රකාශය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ ...

https://www.sathhanda.com/2016/01/blog-post_953.html
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මෙම ප්‍රකාශය මාධ්‍යට එල්ල කරන ලද දැඩි තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.
රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස එවැනි ප්‍රකෝපකාරි, අපරිනත හැසිරිමක් බලාපොරොත්තු නොවන බව ඔවුන් සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.
පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව තිබීයදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය ඉතාමත් කනගාටුදායක බව නිදහස් මාධ්‍ය ව්‍යෘපාරය පෙන්වා දෙයි.
පසුගිය කාලය සිදු වූ මහා පරිමාන දූෂණ අක්‍රමිකතා, අතුරුදන් කිරිම්, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා වන ලෙස හැසිරිමට පටන් ගෙන සිටින බොදු බලසේනාව සහ අනෙකුත් පුද්ගලයින් සහ කණ්ඩායම් යටි අරමුණ ගැන සංවේදීව කටයුතු කිරිම ජනමාධ්‍යවල වගකීමක් බව එම ව්‍යාපාරය පෙන්වා දී ඇත.
එමෙන්ම රණවිරු ලේබලයට මුවාවී ජාති, ආගම් අතර සමගියට බාධා වන අයුරින් වෛරී ප්‍රකාශන ගැන වාර්තා කිරිමේදී මාධ්‍ය වගකීම් සහගත විය යුතු බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
එහෙත් මාධ්‍ය භාවිතය පිළිබඳව ගැටළුකාරී තත්ත්වයන් ඇත්නම් එවා මාධ්‍ය ප්‍රජාව සමග සාකච්ඡා කිරිමෙන් විසදාගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
එසේ නොකර කර්තෘ සංසදයට හෝ මාධ්‍ය ආයතනවලට හෝ මාධ්‍යවේදීන්ට බැන වැදීම බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
කර්තෘ වරුන්ට කතුවැකි ලිවිය යුත්තේ කුමන සිද්ධියක් සම්බන්ධයෙන්දැයි අභියෝග කිරිමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදින් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිලිකුල් සහගත ලෙස හෙළාදකින බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ජනතාවගේ තොරුතුරු දැනගැනිමේ අයිතිය තහවුරු කරන බවට පොරොන්දු ලබාදුන් වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාවට තොරුතුරු දැනගැනිමට ඇති අයිතිය පවා අහුරා ඇති බව ඔවුන් පවසයි.
Related