මහින්දගේ වැඩ ෆොන්සේකා හෙළි කරනවලු - හිටපු හමුදා ප්‍රධානීන් එනවලු
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද(17) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කර තිබේ. පසුගිය මහින්...

https://www.sathhanda.com/2016/03/blog-post_139.html
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද(17) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කර තිබේ.
පසුගිය මහින්ද රාජපක්ෂ රජයට සම්බන්ධ සුවිශේෂී හෙළිදරව් කිරීම් රැසක් මෙම මාධ්‍ය හමුවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සිය මංගල කථාව සිදුකරමින් උතුරේ වැසියන්ගෙන් බලෙන් ලබා ගත් රත්රන් ආදී වටිනා ද්‍රව්‍ය සොරකම් කල ආකාරය සහ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීම නිසා දක්ෂ හමුදා නිලධාරීන් රැසකට පසුගිය රජය විසින් සිදුකල අසාධාරණකම් රැසක් ගැන කතා කරනු ලැබීය.
මාධ්‍ය හමුව සඳහා හිටපු යුද හමුදා ප්‍රධානීන් දෙදෙනෙකුද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.
Related