දෙහිවල සිව්දෙනාගේ මරණයට හේතුව විෂ වායුවක් - මිය ගියේ අලෙවි මවුලානාගේ ඥාතීන්
දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසක සිව් දෙනෙකු පිලිස්සී මියයාමේ සිද්ධියට හේතුව විෂ වායුවක් බව අනාවරණය වී තිබෙනවා. ඒ බව පශ්චාත් මරණ පරීක්ෂණ...

https://www.sathhanda.com/2016/03/blog-post_212.html
දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසක සිව් දෙනෙකු පිලිස්සී මියයාමේ සිද්ධියට හේතුව විෂ වායුවක් බව අනාවරණය වී තිබෙනවා.
ඒ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිද්ධියෙන් මෙසේ මිය ගොස් ඇත්තේ නුසේන් මවුලානා වයස අවුරුදු 65 ක්, වුර්සිලා මව්ලානා වයස අවුරුදු 52 ක්, කුෂ්ණා මවුලානා වයස අවුරුදු 13 ක් සහ මිස්නා මවුලානා වන වයස අවුරුදු 13 ක් වන අයයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අදාළ මලසිරුරු 04 සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බවයි. විෂ වායුවක් ආග‍්‍රහණය වීමෙන් මෙම මරණ සිදුව ඇති බව එහිදී අනාවරණ වුණා.
පිටකොටුවේ විදුලි උපකරණ වෙලඳසැලක හිමිකරුවෙකු වන මෙම ව්‍යාපාරිකයා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාගේ ඥාති සහෝදරයෙක්. මොවුන් සියලුදෙනාගේම සිරුරු තදින් කළු පැහැ ගැන්වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. ව්‍යාපාරිකයා නිවසේ පුටුවක් මත මියගොස් සිටි අතර බිරිඳගේ සිරුර සොයා ගැනුණේ නිවසේ කාමරයක ඇඳක් මත තිබියදීයි. දියණියන් දෙදෙනාගේ සිරුරු නිවසේ ස්ථාන දෙකක බිම තිබියදී සොයා ගැනුණා. නිවසේ මුළුතැන්ගෙහි විදුලි උදුනක් ක‍්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ගින්නකින් විෂ වායුවක් ආග‍්‍රහණය වීම නිසා මෙම මරණ සිදුව ඇති බවයි පරීක්ෂණවලදි අනාවරණ වී තිබෙන්නේ.
Related