ඒකාබද්ද විපක්ෂයේ රැස්වීමේ උණුසුම අඩු කිරීමට ෆොන්සේකා ලෝකෙටම අඬගාමින් කියන්න හැදුව දේ පුස්සක් වේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවේ සිටින සමයේ දී සිදු වූ සෙබළ මරණයක් පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට ස...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවේ සිටින සමයේ දී සිදු වූ සෙබළ මරණයක් පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් සිදු කළේ ය. මෙසේ ලොවටම අන්දගාමින් මාධ්‍ය හමුවක් පවත්වා ඒකාබද්ද විපක්ෂයේ රැස්වීවේ අවධානය වෙනතකට ගැනීමට අදහස් කලත් එය සාර්ථක කර ගැනීමට නොහැකි විය. බලාපොරොත්තු සුන් වූ මාධ්‍යවේදීන් දෝෂාරෝපණය කරමින් සිටිනු දක්නට ලැබුණි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සිංහ රෙජිමේන්තුවේ සිටින කාලයේ දී සෙබළ කණ්ඩායමක් රැගෙන වනාන්තරයට ගිය බවත් එය යුද්ධය සඳහා සම්බන්ධ ගමනක් නොවන බවත් ෆොන්සේකා පැවසුවේ ය.

එහි දී එක් සෙබළෙකුට පපුවේ අමාරුවක් සෑදී රෝගී වූ අවස්ථාවේ දී එම සෙබළාව බිම දිගේ ඇදගෙන යන ලෙස රාජපක්ෂ මහතා අනෙක් සෙබළුන්ට අණ කළ බවත් එසේ ඇදගෙන යන අතරතුර දී ගෝඨාභය රාජපක්ෂ අදාළ රෝගී සෙබළාට පයින් පහර දෙමින් ගමන් කළ බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් හෙළිදරව් කළේ ය.

අවසානයේ රෝගී වූ සෙබළා මියගිය බවත් එහි දී කෝපයට පත් වූ අනෙක් සෙබළුන් ගෝඨාබය රාජපක්ෂට පහර දුන් බවත් පැවසූ ෆොන්සේකා මහතා, මෙවන් සිදුවීමක් සිදුවුවහොත් එයට සම්බන්ධ නිලධාරියෙකුගේ හමුදා ජීවිතය එතැනින් අවසාන විය යුතු නමුත් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන බලපෑම මත ගෝඨාභය රාජපක්ෂ තව දුරටත් යුධ හමුදාව තුළ රැඳී සිටි බවත් ප්‍රකාශ කළේ ය.

තමා හෙළිදරව් කළ මෙම සිදුවීම බොරු නම් ජන මාධ්‍ය ඉදිරිපිට දී ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බවත්, මෙම චෝදනා ඔප්පු කිරීමට තමා සතුව සාක්ෂි පවතින බවත් හිටපු හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

එහෙත් එහි සිටි මාධ්‍යවේදීන් අදහස් දක්වමින් පැවසුයේ සරත් ෆොන්සේකා ගැන මෙයට වඩා බොහෝ දරුණු චෝදනා සැබෑ ලෙසම ඉදිරිපත් වී ඇති බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3193164202457014277

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item