මහින්ද එන 'ජන සටන' රැලියට සියල්ල සූදානම්
ඒකාබද්ධ විපක්ෂයේ 'ජන සටන' ජනරැලිය සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් බව සංවිධායකයින් පවසති. රණවිරු දඩයම, එට්‌කා ගිවිසුම, ඡන්ද ...

https://www.sathhanda.com/2016/03/blog-post_974.html
රණවිරු දඩයම, එට්‌කා ගිවිසුම, ඡන්ද අයිතිය පැහැර ගැනීම, දේශපාලන පළිගැනීම් ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබේ.
ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පක්‍ෂ මෙන්ම දෙමළ හා මුස්‌ලිම් ජනතාව නියෝජනය කරන පක්‍ෂද, පළාත් පාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතය.
මේ අතර ඊයේ (16) කොළඹ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඒකාබද්ධ විපක්‍ෂය අද පවත්වන රැළියට තමා අනිවාර්යයෙන්ම සහභාගී වන බවයි.
එම ජන රැළියේ සජීවි විකාශය බලාපොරොත්තු වන්න
Related