ලක්ෂයකින් ජීවත්වෙන්න පුළුවන්ද මන්ත්‍රීවරයෙකුට - කිරිඇල්ල
මේ වන විට පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට දැනට ලැබෙන දීමනා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ප...

https://www.sathhanda.com/2016/03/blog-post_705.html
"මන්ත්‍රීවරයෙකුගෙ පඩිය කීයද..? පඩිය රුපියල් පනස්දාහයි. මගේ අමාත්‍යාංශයේ හයිවේ එකේ සල්ලි ගන්න සේවකයන්ට හම්බවෙනවා හැටනමදාහක් විතර. මන්ත්‍රීවරයෙකුගේ මුළු පඩියම එතකු කළත් රුපියල් ලක්ෂයකට අඩුයි. ඉතින් ලක්ෂයකින් ජීවත්වෙන්න පුළුවන්ද මන්ත්‍රීවරයෙකුට." යනුවෙන් අමාත්‍යවරයා කරුණු දක්වා සිටියේය.
මන්තී‍්‍රවරුන්ගේ දීමනා වැඩි කිරීමට අවධානය යොමු කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ නායකයන්ගේ කැමැත්ත අනුව බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඔහු මේ බව කියාසිටියේ මහනුවර ප‍්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකදීයි.
කෙසේවෙතත් විවිධ පාර්ශවවලින් එල්ල වූ විවේචන සැලකිල්ලට ගෙන මන්තී‍්‍රවරුන්ගේ දීමනා වැඩි කිරීම පිළිබද යෝජනාව ඉවත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළේය.
දැනට ලැබෙන මන්ත්‍රී වරප්‍රසාද හා දීමනා
- මාසික වැටුප රුපියල් 54285 කි.
- පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500කි.
- කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව. අඩි 900 ක දෙමහල් නිවසක්)
- රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම
- තීරු බදු රහිත වාහනයක් වසර 5 කට වරක් ගත හැකිය. ඩොලර් 50,000 ක් වටිනා වාහනයක් තීරුබදු රහිතව ලබා ගත හැකිය. මෙම වාහන බලපත්‍රය වසර 5ක් යනතුරු විකිණීමට නොහැකිව තිබූ අවස්ථාව තුරන් කර එම වාහනය විකිණීමට අවස්ථාව ලබාදී ඇත. බොහෝ විට තීරුබදු රහිත වාහනයක් කෝටි 2 1/2ක පමණ මුදලකට අලෙවි කෙරේ.
- දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ.
- සම්බාහන පහසුකම් නොමිලයේ සැපයේ.
- විශේෂඥ වෛද්‍යවරයකු නියම කරන ඖෂධ නොමිලයේ ලබාගත හැකිවීම
- වසර 5ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම
- ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ
- ලැප්ටොප් පරිගණකයක්
- ෆැක්ස් යන්ත්‍රයක් හිමිවේ
- විදේශ සංචාර
- පාර්ලිමේන්තු රැස්වීම් වාරවලදී අවශ්‍ය නම් බේකන්, පැණි, කෝන්ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ඇතුළු ආහාර
- මන්ත්‍රි වෛද්‍ය රක්ෂණ ගාස්තුව ලක්ෂ 3.5කි
- දරුවන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව.
Related