නොරොච්චෝලේ පණ ලැබුවත් රටින් කොටසක් අඳුරේ
වර්තමානයේ දිවයිනේ පවතින උණුසුම් කාලගුණයත් සමග විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් ලංකාවේ විදුලි ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 500 ක පමණ පරත...

https://www.sathhanda.com/2016/03/blog-post_935.html
වර්තමානයේ දිවයිනේ පවතින උණුසුම් කාලගුණයත් සමග විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් ලංකාවේ විදුලි ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 500 ක පමණ පරතරයක් පවතින බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරනවා.
එම පරතරය පිරවීම සඳහා අංශ දෙකෙන්ම විදුලිය ප්‍රධාන පද්ධතියට ලැබිය යුතු බවයි වැඩි දුරටත් සඳහන් කළේ. දැනට නොරොච්චෝලේ මගින් පද්ධතියට සම්බන්ධවී ඇති අංශයෙනුත් (Unit - 03) පූර්ණ ධාරිතාව හෙවත් මෙගාවොට් 300 ක විදුලි ජනනය ලැබී නොමැති බවත් රාත්‍රී කාලය වන විට අනෙක් අංශයත් (Unit - 02) ප්‍රධාන පද්ධතියට එක් කරගැනීමට බලාපොරොත්තු වෙන බවත්, එහිදී මෙගාවොට් 600 ක මුළු ධාරිතාවක් පද්ධතියට ලැබෙන බවත් සඳහන් කළා. ඒ අනුව විදුලි කප්පාදුව නතර කිරීමේ හැකියාව පවතින බවයි සඳහන් කළේ. ඒ වනතෙක් මෙය ක්‍රමානුකූලව පවත්වාගෙන යා යුතුව ඇති බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව දින තුනක් පමණ අක‍්‍රියව තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි සක‍්‍රිය කෙරුණද තවමත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට විදුලි සැපයුම විසන්දි කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ අද උදෑසන 07 ට පමණ විදුලිය විසන්දි වීම සිදුවූ බවයි.
මහනුවර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකටද අද උදෑසන විදුලිය විසන්දි කෙරුණා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකද අද උදෑසන විදුලිය විසන්දි කෙරුණා. කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය යළි ක‍්‍රියාත්මක කිරීමෙන් පසු අඛණ්ඩව විදුලි සැපයුම ලබාදිය හැකි බවයි.
මේ අතර විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුව අද රැස්වන බවද සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළා.
Related