දියණිය ඝාතනය කිරීමට මහින්ද සාකච්ඡා කළා - චන්ද්‍රිකා (VIDEO)

තම දියණිය ඝාතනය කිරීමට පවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා පැවැත්වූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  පැවසු...

තම දියණිය ඝාතනය කිරීමට පවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා පැවැත්වූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ කැළණිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

එහිදී ඇය මෙසේද පැවසුවාය.

“මහින්ද මට ගහ ගහ අවුරුදු 9ක් තිස්සේ මාව සම්පූර්ණයෙන්ම තනි කෙරුවා. පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තහනම් කළා චන්ද්‍රිකා එක්ක කතා කරන්න. අවුරුද්දක් ඒ ආණ්ඩුව හිටියානම් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. රජයේ සේවකයින්ගේ පඩි ගෙවන්නවත් බැරිවෙනවා. මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා මං නෑ කියන්නෙ නෑ.“

එම කතාවේදී චන්ද්‍රිකා කුමාරතුංග හෙළිදරව්වක්ද සිදු කළේය.

“මෛත්‍රීපාල සේනානායක, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ 13 දෙනාගේ කල්ලිය මැතිණිව පන්නන්න කියලා කැත මහා කාලගෝට්ටියක් කලා. රට පුරාම ඇති කෙරුවා. මගේ දුවට බෝම්බ ගහන්න සාකච්ඡා කළා. මහින්ද රාජපක්ෂගේ ඔෆීස් එකේ. ඔය පොඩි එකී හන්දා තමයි මැතිණි විජය - චන්ද්‍රිකා කියන දේ අහන්නේ කියලා.“

එම වීඩියෝව පහතින් නරඹන්න



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1119551909163174964

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item