VAT නිසා ශ්‍රීලනිපය මත දෙකක - හදිසි සාකච්ඡාවක් පස්වරුවේ

යෝජිත වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද ...

යෝජිත වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරුවේ පැවැත්වෙනවා. වාර්තා වන ආකාරයට මේ වන විට VAT සම්බන්දව ශ්‍රීලනිපය මත දෙකක් නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා.

ඒ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින්.සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා සහ ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසකගෙන් මෙම කමිටුව සමන්විත වනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායකද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතයි.වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 11 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3053891432574352441

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item