මහින්දට ඉවර කරන්න තිබුනේ යුද්දෙන් කාලයි. මම ඉතුරුව ඉවර කළා - චන්ද්‍රිකා කුමාරතුංග [Video]

යුද්ධය ජය ගැනීමට නායකත්වය දුන් හිටපු ජනපතිම යළි බලයට පත් කළ යුතු බව ඇතැමුන් කියන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි....

යුද්ධය ජය ගැනීමට නායකත්වය දුන් හිටපු ජනපතිම යළි බලයට පත් කළ යුතු බව ඇතැමුන් කියන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

තමන් බලයට පත්වීමට පෙර යුද්ධයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය අවසන් කර තිබූ බවත්, තමන් බලයට පැමිණි පසු යුද්ධයෙන් තුන්කාලක්ම ඉවර කළ බවත්, හිටපු ජනපතිට ඉවර කිරීමට තිබුණේ ඉතිරිකාල බවත් ඇය අද මීරිගම දී පැවැති ජනහමුවකදී කියා සිටියාය.

තම රජය කාලයේ ගෙනඑන ලද යුද උපකරණ හේතුවෙන් යුද්ධය ජය ගැනී පහසු වූ බවත්, එසේ නොවන්නට එය අසීරු වනු ඇති බවත්, ඇය පැවසුවාය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රහාරක යානා 6ක් ගෙන ආ බවත්, එම යානා 6ම විනාශ වූ බවත්, එක් යානයක් ගෙනා අලුතම විනාශ වූ බවත්, මෙම යානා මිලදී ගැනීමට ඒවායේ වටිනාකම මෙන් තුන්ගුණයක් ගෙවා ඇති බවත්, ඇය කියා සිටියාය.

ඒ අනූව ඉන් ලබාගත් කොමිස් මුදල විදේශීය ගිණුමක දාගෙන ඇති බවත්. ඒ ගැන පරීක්ෂණ කරන බවත්, ඇය වැඩිදුරටත් පැවසුවාය.

එහෙත් මේ වනතුරුත් එසේ සැක කරමින් පරීක්ෂා කරන පිරිසට කිසිම දෙයක් සොයාගැනීමට නොහැකිවී ඇති බව අපවෙත වාර්තා වෙනවා. එය හුදෙක් ගෝඨාබය ඉලක්ක කරගනිමින් මීලග ජනාධිපතිවරණයේ ප්‍රයෝජනයට ගතහැකි අකාරයේ මඩක් නිර්මාණය කිරීමක්ම පමණක් විය හැකි බව පසු කාලීන සිදුවීම් අනුව සිතා ගැනීම සාධාරණය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7361411844511781896

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item