අඳ ගොළු විදුහලේ ඉගෙන ගන්න තම දියණියට අතවර කළ පියා අත්අඩංගුවට
අඳ ගොළු බිහිරි විද්‍යාලයක අධ්‍යාපන ලබමින් සිටියදී නිවාඩුවක් සඳහා සිය නිවසට පැමිණි 13 හැවිරිදි දියණියට අතවර කළ පියෙකු ඊයේ (16දා) උදෑසන සැ...

https://www.sathhanda.com/2016/09/blog-post_128.html
අඳ ගොළු බිහිරි විද්‍යාලයක අධ්‍යාපන ලබමින් සිටියදී නිවාඩුවක් සඳහා සිය නිවසට පැමිණි 13 හැවිරිදි දියණියට අතවර කළ පියෙකු ඊයේ (16දා) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය මුඩගමුව මැදලපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම දැරිය අඳ ගොළු බිහිරි විද්‍යාලයක අධ්‍යාපනය ලබන අතර නිවාඩුවක් සඳහා පැමිණ සිටියදී සිද්ධියට මුහුණ පා ඇත.
පසුව ඇය යළිත් සිය පාසලට ගිය අවස්‌ථාවේ ඒ බව තම මිතුරියකට පවසා ඇති අතර මිතුරිය ගුරුවරියකට දැන්වීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වී ඇත.
කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.
Related