මා සිංහල විරෝධියෙකු හෝ ජාතිවාදියෙකු නොවේ

තමාට කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොවන බවත්, තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමග විවාහ වී සිටින බවත් උතුරු පළාත් ...

තමාට කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොවන බවත්, තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමග විවාහ වී සිටින බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේශ්වරන් පවසයි.

පසුගියදා පැවැත්වූ 'එලුග තමිල්' වැඩසටහන සම්බන්ධයෙන් බී.බී.සී.ය සමග සාකච්ඡාවකට එක්වෙමින් මහ ඇමතිවරයා මෙසේ අදහස් දක්වා ඇත.

එහිදී, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව කතා කරන විට එය ජාතිවාදයක් හැටියට ඇතැමුන් විග්‍රහ කරන නමුත් සිය ජීවිත කාලය තුළ තමා කිසිම දිනක ජාතිවාදියකු නොවූ බවයි.

'එලුග තමිල්' වැඩසටහන ඉතාම සාමකාමී පාගමනක් වූ බවත්, එම අවස්ථාවේ තමා පැවැත්වූ කතාවේදී මුලින්ම සඳහන් කළේ එය 'සිංහල විරෝධී, බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් නොවන බව' යැයිද හෙතෙම සඳහන් කර සිටියි.

උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කොට ශ්‍රී ලංකාව සඳහා ෆෙඩරල් පාලනයක් 'එලගු තමිල්' ව්‍යාපාරය මගින් ඉල්ලා සිටීම පිළිබඳව නැගුණු පැනයට පිළිතුරු දුන් මහ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කරමින් ඒකාබද්ධ රටක් පවත්වා ගැනීමට හොඳම විසඳුම ෆෙඩරල් ක්‍රමය බවද පවසා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2111407263801320520

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item