යහපාලන මාධ්‍ය ඒකකය හමුදාවට බරපතල යුද අපරාධ චෝදනා එල්ල කරයි.

“UPFA – A Brighter Future” යන නමින් ඇති www.facebook.com/slupfa නැමැති යොමුව සහිත ෆේස්බුක් පිටුව කරගෙන ගිය උදවියව පසුගිය ජනාධිපතිවරණ සමයේදී...

“UPFA – A Brighter Future” යන නමින් ඇති www.facebook.com/slupfa නැමැති යොමුව සහිත ෆේස්බුක් පිටුව කරගෙන ගිය උදවියව පසුගිය ජනාධිපතිවරණ සමයේදී එජාපය විසින් බිලිබාගත් අතර පසුව ඔවුන් එජාප අපේක්ෂකයාට වැඩ කරන ලදී. ඔවුන් මේ දක්වා කරන්නේ එම පිටුව යොදාගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ එතුමාට සහය දෙන අයට නොනවත්වාම මඩ අවලාද නැගීමයි.

අද දිනයේ ඔවුන් ඉන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. පහත දැක්වෙන්නේ ඔවුන් පළ කර එම පින්තූරයයි. ඔවුන් එම පින්තූරය ඩිලීට් කිරීමට ඉඩ ඇති නිසා archive යොමුව මෙතනින්.


ඔවුන් පළ කළ පින්තූරයේ ඇති කරුණු වලින් අංක 1, 2 සහ 5 යනු පුද්ගලික මඩ ගැසීම් ලෙස නොසලකා හැරීමට හැකි වුවත් අංක 3 සහ 4 යනු කොටි ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට එල්ල කරන බරපතලතම මඩ චෝදනා 2 යි.

යහපාලන මාධ්‍ය ඒකකය රටේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම යනු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ දංගෙඩියට බෙල්ල තැබීමක් බව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.

පහත දැක්වෙනෙන එම වෙබ් අඩවියේ ඇඩ්මින් මහේෂ් මධුෂංඛ නැමැත්තෙක් බවට මූලාශ්‍රයකි. ඔහුගේ නම මෙම ලිපියේ ඇති අතර ඒ සමග ඇති පහත පින්තූරයේ ඔහු සිටියි.


ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන එම පිටුවේ ඇඩ්මින් මණ්ඩලයේ පින්තූරයක් ඔවුන් මීට පෙර පළ කළෝය. එය පහතින්. එහි වම් පස සිට 4 වෙනුවට සිටින්නේ පෙර කී මහේෂ් මධුෂංඛ යි.



එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කිරීමට මඩ ගැසූ උදවියගේ අලුත් කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම බව ඔවුන් ඉහත පළ කළ පෝස්ට් එකෙන් පැහැදිළි වෙයි.

රටට නිදහස උදා කර දුන් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ එල්ල කරන එම සාහසික ක්‍රියාවට දේශපාලන බේද වලින් තොරව එරෙහි වෙන ලෙස අන්තර්ජාලය භාවිතා කරන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.


-mahinda.info




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 3478335049475160066

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item