උතුරේ පුවත් වාර්තා කිරීමේදී ජාතිවාදය නොඅවිසෙන ලෙස වාර්තා කරන්න මාධ්‍ය වගබලාගත යුතුය - රන්ජන්

උතුරේ පුවත් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට වර්තා කිරීමෙන් වැළකී බුද්ධිමත් ලෙස වාර්තාකරණයේ නියැළිය යුතු බවද උතුරේ මහඇ...

උතුරේ පුවත් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට වර්තා කිරීමෙන් වැළකී බුද්ධිමත් ලෙස වාර්තාකරණයේ නියැළිය යුතු බවද උතුරේ මහඇමතිවරයා විසින් පසුගියදා සිදුකළ ක්‍රියාදාමය තමන් අගය නොකරන බවද සිරිකොතදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

විග්නේෂ්වරන් කියන කියන ආකාරයට මේ ආණ්ඩුවෙන් කිසිවක් ලබාදෙන්නේ නැති බව සමාජ සේවා, සමාජ සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

ද්‍රවිඩ සන්ධානය උතුරේ ජනතාවගේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගනිමින් සිටියදී මහඇමති විග්නේෂ්වරන් කැපී පෙනීම සඳහා ජනතාව රැස්කර ගනිමින් විවිධ වැඩසටහන් කරන බවද කියයි.

උතුරේ බුදුපිළිම ස්ථාපිත කිරීම ගැන විග්නේෂ්වරන් විරෝධය පළකරන්නේ නම් දකුණේ ජනතාව කෝවිල් ඉදිකිරීම ඇතුළු කටයුතු ගැන ඔහු පවසන්නේ කුමක්දැයි පෙන්වාදුන්නේය.

වරදක් කර නැති නම් පරීක්ෂණ ගැන රණවිරුවෝ බිය විය යුතු නැති බවත්, එසේ වුවද රණවිරුවන් මෙන්ම මිනීමරුවන්ද හඳුනාගත යුතු බවත්, හෙතෙම පැවසුවේය.

මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අදහස් දක්වමින් පැවසුවේ ඔහු මියයාමට පෙර සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී කා බී ඔවුන් අතර සුහද කතාබහක්ද සිදුව ඇති බවයි.

ලසන්ත ඝාතනය වීමට පෙර ඔහුගේ පෞද්ගලික දුරකථනයෙන් හිටපු ජනපතිට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවද පැවසූ ඒ මහතා මෙම ඝාතනයට තමන්ගේ සම්බන්ධයක් නැතැයි හිටපු ජනපති දැන් කියන බවද කියා සිටියේය.

තම සංවිධානයේ සිටින මරාගෙන මැරීමට යන සාමාජිකයෙකුට එල්.ටී.ටී.ඊ නායකයා හොඳට කෑම බීම ලබාදී ඔහුගේ ආසාව ඉටුකළේ යම්සේද හිටපු නායකයාද කටයුතු කළේ ඒ පරිද්දෙන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7176934870213072158

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item