විෂ එන්නත් පරීක්ෂණයට උතුරේ තරුණයින්ගේ වැඩි කැමැත්තක් නෑ

පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විෂ එන්නත් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවිමට මැලිකමක් දක්වන බව උතුරු පළාත් සෞඛ්‍ය අංශ පෙන්ව...

පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විෂ එන්නත් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවිමට මැලිකමක් දක්වන බව උතුරු පළාත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇති බවට පසුගියදා පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කෙරුණු අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරිමටයි තීරණය කෙරුණි.

කෙසේ වෙතත් ප්‍රදේශය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හරහා මෙම පරික්ෂණ සිදු කිරීමට තීරණය කෙරුණු අතර එහි මූලික අදියරක් ලෙස පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට තීරණය කරන ලදී.

එහෙත් මෙම වෛද්‍ය වාර්තා ලබාදීමට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බොහෝ පිරිසක් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කිහිප දෙනෙකු පමණක් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ලබාදී ඇතත් ඉදිරි පරික්ෂණ කටයුතු සදහා සහභාගීවිමට ඔවුන් අකමැත්තක් දක්වන බව උතුරු පළාත් සෞඛ්‍ය බලධාරින් පවසයි.

ඒ අනුව මේ පිළිබඳ සලකා ලබා ඉදිරියේදී මෙය නවතා දැමිමට තීරණය කරන බව ද ඔවුන් පෙන්වාදෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7692301592228866048

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item