සංවත්සරයට නොගිය මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග නෑ - දුමින්ද දිසානායක

කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගන්න...

කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක  පැවසීය.

පක්ෂය මගින් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් නොගත්තත් ජනතාව විසින් ඔවුන් සම්බන්යෙන් ඉදිරියේදී තීන්දු ලබාදෙනු ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

කුමන් මතවාද දැරුවත් පක්ෂයේ උපන් දිනය සැමරෙන සම්මේලනයට සහභාගී වීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබූ බව කී දුමින්ද දිසානායක මහතා එසේ නොපැමිණි අය සම්බන්ධයෙන් තීන්දු දීමට සිටින සුදුසුම පිරිස වන්නේ පක්ෂය සමඟ සිටින ජනතාව බව ද කීවේය.

ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1223217072803040379

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item