ප්‍රහාරයට විරෝධය පෑමට මැලේසියාවේ මහකොමසාරිස්‌ දිවයිනට කැඳවයි

මැලේසියාවේ ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේදී ප්‍රහාරයකට ලක්‌ වූ එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ඉබ්‍රාහිම් අන්සාර් ශ්‍රී ලංකාවට කැඳවීමට රජය තී...

මැලේසියාවේ ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේදී ප්‍රහාරයකට ලක්‌ වූ එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ඉබ්‍රාහිම් අන්සාර් ශ්‍රී ලංකාවට කැඳවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ (06 වැනිදා) දැනුම් දී තිබේ. මෙලෙස මහකොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාවට කැඳවන්නේ ඔහුට එල්ල වූ ප්‍රහාරයට විරෝධයක්‌ පෑම ලෙස බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට කැඳවනු ලබන මහකොමසාරිස්‌වරයාගේ තනතුර සම්බන්ධව කිසිදු ගැටලුවක්‌ නැති බවත් මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයකුට ප්‍රහාරයක්‌ එල්ලවීම බරපතළ ගැටලුවක්‌ බැවින් මැලේසියානු රජය විසින් සිද්ධිය සම්බන්ධව නිසි පරීක්‍ෂණයක්‌ පවත්වා අවසන් වනතුරු අන්සාර්  ශ්‍රී ලංකාවට කැඳවනු ලැබූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 568285528353326803

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item