දිනකට පැය 4ක් විදුලිය කැපෙන කාලසටහන මෙන්න

බිඳවැටීම නිසා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය අක්‍රියවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමාවි ඇත. මෙම තත්ත්වය තුළ පද්ධතියේ ජනන හැකි...

බිඳවැටීම නිසා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය අක්‍රියවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමාවි ඇත.

මෙම තත්ත්වය තුළ පද්ධතියේ ජනන හැකියාව මෙගාවොට් 900 කින් අඩුවී ඇත. කෙසේ නමුත් අනෙකුත් තාප බලාගාර සහ ජලවිදුලි බලාගාර උපරිම ලෙසින් භාවිතකර මේ වනවිට විදුලි ජනනය සිදුකරන අතර දැනට පවතින අධික විදුලි ඉල්ලූම හේතුවෙන් යම් කාලසීමාවකට විදුලි සැපයුම සීමාකිරීමට සිදුවි ඇත.

මේ යටතේ 2016.10.17 දින සිට 2016.10.21 වන දින දක්වා උදෑසන පැය 2 1/2 ක කාලයක් සහ රාත‍්‍රී කාලයේ පැයක කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට සිදුව ඇත.

මෙම විදුලි සැපයුම සීමා කිරීමේ ක‍්‍රමවේදය කොළඹ නගර සීමාවට, රෝහල් වලට සහ කර්මාන්ත කලාප වලට අදාළ නොවේ. කෙසේ නමුත් මේ අවස්ථාවේදී විදුලි ජනනය සඳහා එල්ලවී ඇති අභියෝගය හමුවේ විදුලි සැපයුම සිමා කිරීමේ කාලසීමාව විදුලි ඉල්ලූම අවම කරගත හැකිනම්, තවදුරටත් අඩුකරගත හැකිවනු ඇත.


දිවා කාලය

A ඛාණ්ඩය B ඛාණ්ඩය C ඛාණ්ඩය D ඛාණ්ඩය
8.00– 10.30 පැය 10.00– 13.00 පැය 13.00– 15.30 පැය 15.30– 18.00 පැය 

රාත‍්‍රී කාලය

A ඛාණ්ඩය B ඛාණ්ඩය C ඛාණ්ඩය D ඛාණ්ඩය
18.00– 19.00 පැය 19.00– 20.00 පැය 20.00– 21.00 පැය 21.00– 22.00 පැය





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8205239746458605611

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item